ඔවුන්ගේ ජීවිත තුළ අත්දැක්කාවූ ඉතාමත් වේදනාකාරී අත්දැකීම කුමක්දැයි මම මාගේ මිතුරන් කිහිපදෙනෙකුගෙන් ඇසීමි. ඔවුන්ගේ පිළිතුරු වලට යුද්ධය, දික්කසාදය, ශල්‍යකර්ම සහ පේ‍්‍රමකරන අයෙකු අහිමිවීම ඇතුලත් විය. මාගේ භාර්යාවගේ පිළිතුර වූයේ "අපේ ප‍්‍රථම දරුවාගේ උපත" යන්නය. එය පාළු යුධහමුදා රෝහලක විඳි අසීරු දීර්ඝ වේදනා සහගත ප‍්‍රසූතියක්වි ය. එහෙත් නැවත හැරී බලද්දී ඇය එය සලකන්නේ ප‍්‍රීතියක් ලෙසය. "ඊට හේතුව එම වේදනාවට විශාල අරමුණක් තිබීමය".

යේසුස්වහන්සේ කුරුසියට යාමට පෙර උන්වහන්සේ තම ගෝලයන්හට කිවේ ඔවුන්ට විශාල වේදනා සහ පීඩා කාලයක්ග ත කිරීමට සිදුවන බවය. ස්වාමීන්වහන්සේ ඔවුන්හට එන්නාවූ අත්දැකීම සමාන කළේ දරු ප‍්‍රසූතියකින් දරුවා ලැබුණ විට තම ශෝකය ප‍්‍රීතියට හරවාගන්නා ස්ත‍්‍රියකටය (යොහන් 16:20-21). "නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි. එවිට නුඹලාගේ සිත ප‍්‍රීති වන්නේය. නුඹලාගේ ප‍්‍රීතිය කිසිවෙක්නු ඹලාගෙන් පැහැර නොගන්නේය" (22 පදය).

ජීවිත ගමන පුරාවට අපට ශෝකය පැමිණේ. එහෙත් යේසුස්වහන්සේ "වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප‍්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා කුරුසිය දරාගත්සේක" (හෙබ්‍රෙව් 12:2). උන්වහන්සේ, තම සිත් විවෘත කරන සියල්ලන් වෙනුවෙන් සමාවද නිදහසද මිළදී ගත්සේක. උන්වහන්සේගේ වේදනාබර පූජාව දෙවියන්වහන්සේගේ සදාකාලික අරමුණ ඉෂ්ඨ කර දෙවියන්වහන්සේ සමඟ මිත‍්‍රත්වයේ සහ සහභාගිකමේ මාර්ගය විවෘත කළේය.

අප ගැළවුම්කරුවාණන්ගේ ප‍්‍රීතිය උන්වහන්සේගේ පීඩාව අභිබවා ගියේය. එසේම උන්වහන්සේ දෙන ප‍්‍රීතිය අපගේ සියලූ වේදනා මකා දමන්නේය.