තේජාන්විත අප‍්‍රිකානු චීටා පැයට කිලෝමීටර් 112 ක වේගයෙන් කෙටි ධාවනයේ යෙදෙන බව ප‍්‍රසිද්ධය. එහෙත් ඔවුන් දුර දිවීමේදී එතරම් හැකියාවක් දක්වන්නේ නැත. බී බී සී ප‍්‍රවෘත්තියකට අනුව ඊසාන දිග කෙන්යාවේ ගමක 4 දෙනෙකු සැතපුම් 4ක ධාවන තරඟයකදී චිටාවන් දෙදෙනකු පැරදෙව්වෝය.

එම ප‍්‍රවෘත්තියට අනුව විශාල චීටාවන් දෙදෙනෙකු ගමේ එළුළුවන් කමින් සිටියෝය. එහෙයින් මිනිසුන් 4දෙනා උන් නැවැත්වීමට සැලසුමක් යෙදූහ. ඔව්හු දවසේ හිරු රශ්මිය වැඩිම වේලාව තෙක් සිට චීටාවන් එළවාගෙන ගොස් උන්ට තවත් දිවීමට නොහැකි තරම් වෙහෙසවූ විට අල්ලා කෙන්යා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්හ.

චීටා තුළ අපව දැක ගැනීමට අපට පුළුවන්ද? අපගේ ශක්තිය කැපී පෙනෙනවා විය හැකිය. එහෙත් එය කෙටි කාලයකටය. යෙසායා අනාගතවක්තෘවරයා කියන ලෙස අප හිරුඑළියට ඉක්මණින් වේලී යන තණ මල් වැනිය. (40:6-8).

එහෙත් අපගේ හැකියාව අවසන් වන විට දෙවියන්වහන්සේ අපට සහනය දෙනසේක. ස්වාමීන්වහන්සේ තුළ සිටි අය මුණගැසීමට ආශ්චර්යයන් නැගී එන්නේය. උන්වහන්සේගේ කාලය සහ මාර්ගවලට අනුව අපගේ ශක්තිය අලුත් කිරීමට උන්වහන්සේට පුළුවන. උන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන “රාජාලියන් මෙන් පියාඹා” නගින්නට අපට හැකිවේ. නැතිනම් ඔව්හු “දුවන්නෝය එහෙත් වෙහෙස නොවෙති. ඔව්හු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවෙති” (31 පදය).