2008දී එක්සත් රාජධානියේ නිවාස මිළ ගණන් පහත වැටෙමින් තිබිණ. එහෙත් මාත් මගේ සැමියාත් අපගේ වසර 40ක් පැරණි නිවස විකිණීමට දමා සති දෙකක් ඇතුලත ගැනුම්කරුවෙකු හොඳ මිළක් අපට පොරොන්දු විය. අපිද ඊට කැමති වීමු. වහා කොන්ත‍්‍රාත්කරුවෝ මට උරුමවී තිබූ අනිත් නිවසේ වැඩ ආරම්භ කළෝය. එය අපගේ අලූත් නිවස වනු ඇත. එහෙත් අපගේ පැරණි නිවස විකිණීමට නියමිතවූ දිනට දින කිහිපයකට පෙර ගැනුම්කරුවා ගනුදෙනුවෙන් ඉවත් විය. අපි විශාල දුෂ්කරතාවකට පත්වුනෙමු. දැන් අපට ඉඩම් දෙකක් අයිතිය. එකක මිළ ඉතා තදින් පහතට වැටෙමින් තිබිණ. අනික විශාල විනාශයකි. එය අපට විකිණීමට හෝ එහි පිදිංචි වීමට නොහැකි විය. අලූත් ගැනුම්කරුවෙකු එය මිළට ගන්නා තුරු කොන්ත‍්‍රාත්කරුට ගෙවීමට මුදල් නැත. එය කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයක් විය.

යෝෂුවා යෙරිකෝවට මුහුණ දුන් විට එය ආරක්ෂිත බලකොටුවක් විය. ඔහුට කළ නොහැකි දෙයකට මුහුණ දෙන්නේ යැයි ඔහුට සිතෙන්නට ඇති (යෝෂුවා 5:13-6:27). එහෙත් එවිට කඩුවක් ඇදගත් පුද්ගලයෙකු ඔහුට පෙණින. සමහර දේවධර්මාචාර්යවරුන්ට අනුව එ් යේසුස්වහන්සේය. එන්නාවූ සටනේදී ඔහු ඉශ‍්‍රායෙල්වරුන්ට සහය දෙන්නේද නැතිනම් සතුරන්ට සහය දෙන්නේද කියා යෝෂුවා උවමනාවෙන් ඇසුවේය. “එසේ නොවෙයි, මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියා වෙමි” (5:14). යෝෂුවා තව එක් පියවරක්වත් ගැනීමට පෙර නමස්කාරයෙන් වැඳ වැටිණි. යෙරිකෝව තම අතට ලැබෙන්නේ කෙසේදැයි ඔහුට අදහසක් නොවීය. එහෙත් ඔහු දෙවියන්වහන්සේට ඇහුම්කන්දී උන්වහන්සේට නමස්කාර කළේය. ඉන්පසු ඔහු ස්වාමීන්වහන්සේගේ උපදෙස් පිළිපැදි අතර නොහැකිදේ සිදුවිය.