එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු ලෙස ජෝන් එෆ් කෙනඩි කළ එකම ජාතිය ඇමතීමේ කථාවේදී ඇමරිකානුවන්ට ඔහු මෙම අභියෝගය දුන්නේය. "ඔබගේ රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. රට වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්දැයි අසන්න". එය පුරවැසියන්ට තම ජීවිත පූජා කිරීමට සහ අන් අය වෙනුවෙන් සේවය කිරීමට කළ අලූත් කැඳවීමක් විය. විශේෂයෙන් ඔහුගේ වචන යුද්ධයේදී රට වෙනුවෙන් සේවය කළ අයගේ දූදරුවරුන්ට දිරියක් විය.

ඔහුගේ අදහස පැහැදිලි විය. තම ජීවිත පවා පූජා කොට දෙමව්පියන් ලබා ගත් දෙය ඔවුන් දැන් සමාදාන මාර්ගවලින් ආරක්ෂා කළ යුතු විය. එම කැඳවීමට පිළිතුරු ලෙස නැගී සිටි ස්වෙච්ඡා හමුදාව දශක ගණනාවක් පුරා ලොව වටා දැවැන්ත මානුෂීය කාර්යභාරයක් ඉටු කර තිබේ.

සියවස් ගණනාවකට පෙර පාවුල් අපොස්තුළුවරයාද රෝම 12වැනි පරිච්ඡේදයේ පළමු පදවලින් එවැනි කැඳවීමක් දුන්නේය. එහිදී ඔහු අප උනන්දු කරන්නේ අපගේ පාප වෙනුවෙන් ජීවිතය මිළක් ලෙස දුන්නාවූ තැනන්වහන්සේට අපගේ ජීවිත "ජීවමානවූ යාගයක්" ලෙස ඔප්පු කරන ලෙසය. එම ආත්මික පූජාව වචන වලට සීමා විය නොහැකිය. එය අන් අයගේ ශාරීරික, භාවමය සහ ආත්මික සුබ සාධනය වෙනුවෙන් අපගේ ජීවිතය ආයෝජනය කිරීමකි.

එම සේවය අප සිටින ස්ථාන වල සිටම කළ හැකිවීම හොඳම කරුණවේ.