සුඛෝපභෝගී නෞකාව වරායට සේන්දුවූ වහාම මගීහු හැකි ඉක්මනින් බැසගත්තෝය. පසුගිය දවස් කිහිපය තුළ වෛරසයකින් ඔවුන් පීඩා වින්දෝය. සියගණනක් සෙනඟ අසනීප වූහ. බැස යන මගියෙකුගෙන් ප‍්‍රශ්න ඇසූ වාර්තාකරුවෙකුට ඔහු කීවේ “මම මැසිවිලි කියන්නේ නැහැ. ඊට හේතුව සැම දෙනාම සිටියේ එකම බෝට්ටුවේ කියා මම දන්නවා” ඔහු නොසිතා මතුකළ උත්ප‍්‍රාසය නිසා වාර්තාකරුට සිනහ ආවේය.

මතෙව් 8හි ජලයේ සිදුවූ තවත් ගමනක් ගැන සඳහන්වේ (23-27 පද). යේසුස්වහන්සේ බෝට්ටුවට නැගුනු අතර ගෝලයෝ උන්වහන්සේ අනුගමනය කළෝය (23 පදය). එවිට දරුණු කුණාටුවක් නැගී ආ අතර යේසුස්වහන්සේගේ ගෝලයෝ තම ජීවිත නැතිවේ යැයි බියවූහ. උන්වහන්සේ මේ ගැටළුව නොදැන සිටී යැයි සිතා ඔව්හු නිදා සිටින යේසුස්වහන්සේව අවදි කළෝය.

සත්‍ය ලෙස යේසුස්වහන්සේද ගෝලයන් සමඟ එකම බෝට්ටුවේ සිටියද උන්වහන්සේ කාල ගුණය ගැන කලබල වූයේ නැත. සියලූ බලැති මැවුම්කාරුවාණන් ලෙස උන්වහන්සේට කුණාටුව ගැන බියක් නොවීය. “උන්වහන්සේ නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය” (26 පදය).

එහෙත් අපට සියලූ බලය නොමැත. එහෙයින් අහෝ! අපි පහසුවෙන් බිය වන්නෙමු. එසේ නම් අප අවට ජීවිත කුණාටු හමන විට අපි කුමක් කරමුද? එ්වා ඉක්මනින් අවසන් වූවත් ජීවිත කාලයක් පැවතුනත් අපට මේ සහතිකය තිබේ: සුළඟ සහ මුහුද කීකරුවන්නාවූ තැනන්වහන්සේ සමඟ අපි එකම බෝට්ටුවේ සිටින්නෙමු.