බොහෝ ආකාරයෙන් තාක්ෂණය ආශිර්වාදයකි. සෞඛ්‍ය ගැටළුවක් පිළිබඳ විස්තර අවශ්‍යද? ඔබට අන්තර්ජාලයට අවතීර්ණවූ විට ඔබගේ නිරීක්ෂණයට මඟ පෙන්වීමට විකල්ප ලැයිස්තුවක් ලැබේ. මිතුරෙකු සමඟ සම්බන්ධ වීමට අවශ්‍යද? කෙටිපවිඩයක්, විද්‍යූත් පණිවුඩයක් හෝ ෆේස්බුක් පණිවුඩයක් දමන්න. එහෙත් සමහර විට තාක්ෂණය අප කලකිරවිය හැක. පෙර දින මගේ බැංකු ගිණුම පිළිබඳ විස්තර කිහිපයක් මට අවශ්‍ය වී තිබූ අවස්ථාවේ ආරක්ෂාවට සම්බන්ධ බොහෝ ප‍්‍රශ්න මගෙන් අසනු ලැබීය. සියලූම පිළිතුරු නිවැරදිව මතක් කර ගැනීමට නොහැකිවීම නිසා මගේ ගිණුමට අවතීර්ණවී මෙන් මා වැලැක්විණ. එසේම අත්‍යවශ්‍ය දුරකථන කතාබහක් බැටරිය අඩපන වීම නිසා ඇණ හිටි අවස්ථා ගැන කල්පනා කරන්න. බැටරි පනගන්වන තුරු නැවත කථාව ආරම්භ කළ නොහැක.

මේ සියල්ල මට ප‍්‍රීතියක් ගෙන දෙන්නේ මට දෙවියන්වහන්සේ වෙත යාච්ඤාවෙන් ප‍්‍රවේශ වීමට අවශ්‍ය වූ විට ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රශ්න නැත, බැටරි අවශ්‍ය නැත යන යථාර්තය සිහිපත් වීමෙනි. යොහන් “උන්වහන්සේ ඉදියෙහි අපට තිබෙන නිසැකකම නම් අප උන්වහන්සේගෙන් යමක් ඉල්ලූවොත් අපේ ඉල්ලීම අසන බවය” යනුවෙන් පවසන විට දෙන සහතිකයට මම ඉතා ආශාකරමි (1 යොහන් 5:14).

දෙවියන්වහන්සේ වෙත සැම වේලේ ළඟා විය හැකිය. ඊට හේතුව උන්වහන්සේට කිසි විටෙක නිදි බරවීමක්වත් නිදා ගැනීමක් වත් නැති නිසාය (ගීතාවලිය 121:4). උන්වහන්සේ අප කෙරෙහි තබා ඇති පේ‍්‍රමයට ස්තූතිවන්න, උන්වහන්සේ බලා සිටිනසේක. අපට ඇහුම්කන් දීමට උන්වහන්සේ සූදානම්ය.