කෙන්යාවේ නයිරෝබිහී සමුළුවක් අවසන්වී ඊළඟ උදෑසන නිවෙස් බලා ගුවනින් යන ගමනට සූදානම් වීමට අප කණ්ඩායම සමුළු ශාලාවේ සිට අප සිටි හෝටලයට ගියෙමු. අප එහි ගිය විට තම බඩු බෑගය සමුළු ශාලාවේ අමතකවී පැමිණි බව කණ්ඩායමෙහි එක් අයෙකු පැවසුවාය.
ඇය එය ගැනීමට ආපසු ගිය අතර අප කණ්ඩායම් නායකයා (සැම විට සියල්ල මනාව සැලසුම් කරන අයෙකි) ඇය නැති තැන ඇයව තදින් විවේචනය කළේය.

පසුදා උදෑසන අපි ගුවන් තොටුපලට පැමිණි විට අපගේ නායකයා තමාගේ බඩු බෑගය අතපසු කර පැමිණ ඇති බව දැන කනස්සල්ලට පත් විය. බෑගය සමඟ ඔහුගේ ගමන් බලපත‍්‍රයද හෝටලයේ බැරිවී තිබේ. ඔහුගේ බඩු ගෙන ඒමට අපට පෙර දිනට වඩා වියදමක් දැරීමට සිදුවනු ඇත. පසුව ඔහු අප සියලූ දෙනාගෙන් සමාව ඉල්ලා පැවසුවේ "මම නැවත කවදාවත් එතරම් තදින් විවේචනය කරන්නේ නැහැ!" කියාය.

අප සියලූ දෙනා තුළ වැරදි සහ දුර්වලතා ඇති නිසා යම් වරදක් සිදුවූ විට අප එකිනෙකා ගැන ඉවසා  කිනෙකාට සමාව දිය යුතුය (කොලොස්සි 3:13). අපගේ විවේචනය අනෙක් පුද්ගලයා ගොඩනගන ආකාරයේ විය යුතු වන අතර අප  දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳ" ගත යුතුවේ (12 පදය).

නිවැරදි කිරීම අවශ්‍ය වුවහොත් එය ප්‍රේමයෙන් සහ කරුණාවන්තකමින් කළ යුතුවේ. එසේ කිරීමෙන් අපි අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ වෙමු.