දරුවන් තම දෙමව්පියන් දෙවියන්වහන්සේ කෙරෙහි තබා ඇති ඇදහිල්ල අනුගමනය නොකිරීම පුදුමයක් සේ පෙණිය හැකිය. එසේම ඇදහිල්ල නොතිබූ පවුලකින් ක‍්‍රිස්තුස්වහන්සේ වෙත ගැඹුරු කැපවීමක් ඇතිව මතුව එන පුද්ගලයාද ඊට සමාන මවිතයක්ඇ ති කරයි. සැම පරම්පරාවකම එක් එක් පුද්ගලයාට තෝරාගැනීමක් තිබේ.

සාමුවෙල් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වූ අතර ඔහු ඉශ‍්‍රායෙලය කෙරෙහි තම පුතුන් දෙදෙනා වන යෝවෙල් සහ අබියා නායකයන් ලෙස පත් කළේය (1 සාමුවෙල් 8:1-2). ඔවුන්ගේ පියා මෙන් නොව ඔවුන් දූෂ්‍යව සිටියෝය. “ඔහුගේ පුත‍්‍රයෝ… අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය” (3 පදය). එහෙත් වසර ගණනාවකට පසු යෝවෙල්ගේ පුත‍්‍ර හේමාන් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සංගීතඥයෙකු ලෙස පත් කෙරෙනවා අපි දකින්නෙමු (1 ලේකම් 6:31-33). සාමුවෙල්ගේ මුණුබුරා වූ හේමාන් ඔහුගේ දකුණතවූද බොහෝ ගීත වල රචකයෙකු වූද ආසාප් සමඟ ස්වාමින්ට ප‍්‍රීති ගීතිකා ගායනා කරමින් සේවය කෙළේය (15:16-17).

තම දෙමව්පියන්ට ඉතා වටිනාවූ ඇදහිල්ල පුද්ගලයෙකු ගණන් නොගෙන සිටින බව පෙනුණද දෙවියන්වහන්සේ ක‍්‍රියාකරමින් සිටිනසේක. පසු කාලයේදී කරුණු වෙනස් විය හැකි වන අතර පසුව එන පරම්පරාවල ඇදහිල්ලේ බීජ දළු ලා වැඩිය හැකිය.

පවුලේ තත්ත්වය කුමක් වුවද “ස්වාමින්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලූ පරම්පරාවලටද පවත්නේය” යන්න අපි දනිමු.