“කිරි කිරි ගාන රෝදයට තෙල් ලැබේ” කියා ජනප‍්‍රිය කියමනක් බටහිර රටවල තිබේ. කුඩා කල මගේ නිවසේ සිට පාසැල දක්වා මම මාගේ බයිසිකලය බොහෝ දුරක් පැද්දෙමි. රෝද වල කිරි කිරි ශබ්දය එ්වායේ තෙල් අවශ්‍යතාවය ගැන මගේ  අවධානය යොමු කළේය.

ලූක් 18හි තමාගේ විරුද්ධකාරයාට එරෙහි එ් ස්ත‍්‍රිය විනිශ්චයකාරයාට නොනවත්වා කළ ඉල්ලීම “කිරි කිරි රෝදයක්” මෙන් හැඟේ. යේසුස්වහන්සේ අපට ඉගැන්වූ එම කතාව විස්තර කරන්නේ අපගේ පිළිතුර ප‍්‍රමාද වුවාක් මෙන් පෙනුනද නොනවත්වා අඛණ්ඩව යාච්ඤා කිරීමේ අවශ්‍යතාවයි (1-3 පද).

දෙවියන්වහන්සේ, අපට ප‍්‍රතිචාර දක්වන තුරු අප කරදර කළ යුතු නපුරු විනිශ්චය කරුවෙකු නොවේ. උන්වහන්සේ අපගේ ප්‍රේමණීය පියාණෝය. අප උන්වහන්සේට මොරගසන විට උන්වහන්සේ අපට සලකා ඇහුම්කන් දෙනසේක. දෛනිකව නොනවත්වා කරන යාච්ඤාව අප උන්වහන්සේට ළංකරයි. අප සමහර විට කිරි කිරි රෝදයක් මෙන් දැනුනත් උන්වහන්සේ අපගේ යාච්ඤාව පිළිගෙන අපගේ මොරගැසීම් විලින් උන්වහන්සේට ළංවීමට දිරිය දෙනසේක. උන්වහන්සේ අපට ඇහුම්කන්දී අප බලාපොරොත්තු නොවන ආකාර වලින් අපගේ උපකාරයට එනසේක.

මතෙව් 6:5-8 දක්වා යේසුස්වහන්සේ උගන්වන ලෙස අඛණ්ඩ යාච්ඤාවට දිගු වේලා “පුනපුනා කීම” අවශ්‍ය නැත. එහෙත් “රෑ දාවල්” (ලූක් 18:7) අපගේ අවශ්‍යතා අප උන්වහන්සේ ඉදිරියට ගෙන එන විටද අපගේ අවශ්‍යතා දැනටම දන්නාවූ තැනන්වහන්සේ සමඟ ගමන් කරන විටද අපි දෙවියන්වහන්සේ මත විශ්වාසය තැබීමටත් උන්වහන්සේගේ ප‍්‍රතිචාරය සඳහා ඉවසීමෙන් සිටීමටත් ඉගෙන ගන්නෙමු.