එක් දිනක් මම මගේ ස්වාමි පුරුෂයා ගමේ දුම්රිය ස්ථානයට ඇරලූ අතර දුම්රිය පාලකවරයා අවසන් මොහොතේ එන හදසිකාරයන් දෙස බලා සිටිනු දුටුවෙමි. තෙත් කොණ්ඩයක් සහිත ස්ත‍්‍රියක් වාහනය නවතා දුම්රියට දුවගොස් ඇතුල් වුනාය. ඉන්පසු කලු ඇඳුම් කට්ටලයක් ඇඳගත් මිනිසෙකුද එසේ කළේය. අවසන් මොහොතේ දුවගෙන ආ සමහරු දුම්රියට නගින තුරු දුම්රිය පාලක ඉවසීමෙන් සිටියේය.

සෙනඟ දුම්රියට නගින තුරු දුම්රිය පාලක ඉවසීමෙන් සිටියාක් මෙන් තමන්වහන්සේ දැනගන්නා තුරු දෙවියන්වහන්සේ ඉවසීමෙන් සිටිසේක. කෙසේවෙතත් කෙදිනක හෝ යේසුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත. “එ් දවසේ” අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය. මහා භූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නේය (1 පේතෘස් 3:10). මෙය සිදුවූ විට හෝ අපගේ භෞතික ශරීරය මියගිය විට, දෙවියන්වහන්සේ සමඟ සබඳතාවයක් ඇති කර ගැනීමට ප‍්‍රමාද වැඩි වනු ඇත.

“ස්වාමීන්වහන්සේ… අප කෙරෙහි බොහෝ කල් ඉවසනසේක” (ක‍්‍රියා 9 පදය). ක‍්‍රිස්තුස්වහන්සේ අනුගමනය කිරීම පිණිස තීරණයක් ගැනීමට ඔබ ප‍්‍රමාද නම් ඔබට ශුභ ආරංචියක් තිබේ. තවමත් උන්වහන්සේට කැපවීමක් කිරීමට ඔබට පුළුවන. “යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප‍්‍රකාශ කරන්නෙහි නම් දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගළවනු ලබන්නෙහිය” (රෝම 10:9). උන්වහන්සේ අප කැඳවයි. ඔබ උන්වහන්සේ සිටින දිශාවට දුවනවාද?