සාමාන්‍යයෙන් සතියකට අපට බොහෝ විද්‍යුත් පණිවුඩ ලැබේ. ඒ යමෙක් බැහැදැකීමට හෝ නැතිනම් යම් අයෙකුට යාච්ඤා කිරීමටය. එ් සියල්ල අවශ්‍ය මතක් කිරීම්ය. පාවුල් තම “පැපිරස් මේල්” තීතස්ට යැවූ විට ඔහු තම සටහන අවසන් කළේ “සිහි කරවන්න” කියාය (3:1). පාවුල් වචන තෝරාගෙන ඇති ආකරය දෙස බැලූ විට අපට සිතාගත හැක්කේ මේ ගැන පාවුල් දැනටම ලියා ඇති බවයි. ඒවා සභාවේ අයට කෙතරම් වැදගත් වීද කිවහොත් ඔවුන් ඒවා අමතක නොකරන පිණිස ඔහු එ්වා නැවත නැවත කියන්නේය.

ඔවුන් මතක නැති කරනවාට පාවුල් අකමැති දෙය බලන්න. ඔහු මේ කියන්නේ කුරිරු රෝම නීතියට යටත්ව සිටි සෙනඟටය. “අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත් වෙන්ටද” (1 පදය). කීකරුවීම, යහපත් වැඩ වලට සූදානම්ව සිටීම, අගුණ නොකීම, මොළොක් ගුණය පෙන්වීම, කෙඳිරීම වෙනුවට යටත්කමද වැදගත් විය. ක‍්‍රිස්තුස්වහන්සේ අනුගමනය කිරීම නිසා සිදුවූ ඇතුලාන්ත වෙනස ඔවුන්ගේ හැසිරීමෙන් ප‍්‍රදර්ශනය විය යුතුය (3-5 පද).

ඔවුන්ද අපද එය කරන්නේ කෙසේද? උන්වහන්සේ අප මත වැගිරූ “ශුද්ධාත්මයාණෝ” ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් අපට හැකියාව දෙන්නේ යහපත කිරීම පිණිස කැපවීමටය (5-6,8 පද). අපගේ ලෝකයට යහපත කිරීම සඳහා අභාෂයක් දීමට අපට හැකිවන්නේ යේසුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දීමනාව වන ගැළවීම නිසාමය. අප සියල්ලන්ට අවශ්‍ය වන්නේ එම මතක් කිරීම වේ.