මව්වරු කිහිපදෙනෙක් අන් අය දිරිමත් කරන යාච්ඤා ඉල්ලීම් කිහිපයක් බෙදා ගත්තෝය. එහෙත් එක් මවක් තමාගේ පුද්ගලික යාච්ඤා ඉල්ලීම් වලින් දෙවියන්වහන්සේට කරදර කිරීම ආත්මාර්ථකාමී යැයි සිතුවාය. ඇය විස්තර කළේ “දෙවියන්වහන්සේට තිබෙන විශාල ගෝලීය ගැටළු සමඟ සංසන්දනය කරන විට මාගේ අවශ්‍යතා ඉතා කුඩා ලෙස උන්වහන්සේට පෙනෙනවා ඇත” කියාය.

විනාඩි කිහිපයකට පසු ඇයගේ කුඩා පුත‍්‍රයා දොරට ඇඟිල්ල අසුකර ගෙන අඬමින් තම මව වෙත දිවගෙන ආවේය. “මට වැඩ තියෙනවා. ඔබගේ ඇඟිල්ල පෙන්නන්න මං ගාවට ආව එක කොතරම් ආත්මාර්ථකාමී දැයි” ඇය ඇසුවේ නැත. ඇය ඔහුට අනුකම්පාවද මෘදුකමද පෙන්නුවාය.

ගීතාවලිය 103:13 අපට මතක් කර දෙන ලෙස මනුෂ්‍ය සහ දිව්‍ය ප්‍රේමයේ ප‍්‍රතිචාරය එයයි. යෙසායා 49හි මවක් තම දරුවාට අනුකම්පා කිරීමට අමතක කළද ස්වාමීන්වහන්සේ තම දරුවන් අමතක නොකරන බව පවසනසේක (15 පදය). දෙවියන්වහන්සේ තම සෙනඟට සහතික කළේ “මාගේ අතුල් වල නුඹ කොටාගතිමි” කියාය (16 පදය).

දෙවියන්වහන්සේ සමඟ එවැනි සමීපතාවයක් අයිති වන්නේ තමන් මත නොයැපී දෙවියන්වහන්සේට භයව උන්වහන්සේ මත යැපෙන අයටය. රිදෙන ඇඟිලි සමඟ තම මව වෙත දිවගිය දරුවා මෙන් අපගේ දෛනික ගැටළු සමඟ අපට දෙවියන්වහන්සේ වෙත දිවයා හැකිය.

අපගේ අවශ්‍යතා ගැන සැලකීම පිණිස අනුකම්පාවෙන් පිරී අපගේ දෙවියන්වහන්සේ අන් අය නොසලකා හරින්නේ නැත. තම දරුවන්හට ප්‍රේම කිරීමට උන්වහන්සේට අසීමිත පේ‍්‍රමයක් සහ කාලයක්ද ඇත. කිසිම අවශ්‍යතාවයක් උන්වහන්සේට නොපෙණෙන තරමට කුඩා නැත.