සිරකරුවෙකුවූද අලුත් කිතුනුවෙකුවූද මයිකල් ඩින්ස්මෝර්ට සිරගෙදරකදී තම සාක්ෂිය බෙදාගැනීමට අවස්ථාවක් ලැබිණි. සමහර රැඳවියන් ඔහු වෙත පැමිණ කීවේ “අපි සහභාගිවූ හොඳම රැස්වීම මේකයි” කියාය. තම සරල කථාව දෙවියන්වහන්සේට භාවිතා කිරීමට හැකිවීම ගැන මයිකල් මවිත විය.

ශුභාරංචිය දේශනා කිරීමට පාවුල් අණ දුන් පසු (1 තිමෝති 1:1-11) තිමෝති තරුණයා දිරිමත් කිරීමට ඔහු තම පුද්ගලික සාක්ෂිය බෙදාගත්තේය (12-16 පද). තම ජීවිතයේ දෙවියන්වහන්සේගේ දයාව ගැන පාවුල් පැවසීය. තමා ස්වාමීන්වහන්සේට අපහාස කළ බවත් එහෙත් උන්වහන්සේ තමා වෙනස් කළ බවත් ඔහු කීවේය. උන්වහන්සේගේ දයාව නිසා දෙවියන්වහන්සේ ඔහු විශ්වාසවන්ත ලෙස ගණන් ගත්තා පමණක් නොව ඔහුගේ මෙහෙය කිරීමට ඔහුට හැකියාව දුන්සේක (12 පදය). තමා ඉතාම දැඩි පව්කාරයෙකු බව පාවුල් සැලකීය. එහෙත් දෙවියන්වහන්සේ ඔහු මිඳූසේක (15 පදය).

ස්වාමීන්වහන්සේට පුළුවන! තිමෝතිට දැන්වීමට පාවුල්ට අවශ්‍ය වූයේ එයයි. අපද දැනගත යුත්තේ එයයි. පාවුල්ගේ සාක්ෂිය තුළින් දෙවියන්වහන්සේගේ දයාව අපි දකිමු. පාවුල් වැනි අයෙකු දෙවියන්වහන්සේට භාවිතා කළ හැකි නම් අපවද භාවිතා කිරීමට උන්වහන්සේට පුළුවන. අන්තයට ගිය පව්කරුවන් පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේට හැකිය. එහෙයින් කිසිවෙකු උන්වහන්සේගේ දෑතින් ඈත්ව නොයන්නේය.

අපගේ ජීවිතවල දෙවියන්වහන්සේගේ ක‍්‍රියාව පිළිබඳ කතාන්දරය අන් අයට දිරිය දිය හැකිය. බයිබලයේ දෙවියන්වහන්සේ තවමත් ක‍්‍රියාකරන බව දැනගැනීමට අවට අයට ඉඩ හරින්න!