කෙතරම් අනර්ඝ අවමංගල්‍යයක්ද! අප නික්ම යන විට සින්ඩි පැවසීය. අපගේ මිතුරිය හෙලන් මිය ගියාය. ඇයගේ විනෝදකාමී හැසිරීම ගැන කථා කරමින් මිතුරෝ එකිනෙකා ඇයව සැමරුවෝය. එහෙත් හෙලන්ගේ ජීවිතය විහිළු සහ සිනහ පමණකට සීමා වූවක් නොවේ. ඇයගේ සහෝදරයාගේ පුත‍්‍රයා යේසුස්වහන්සේ කෙරෙහි ඇයගේ ඇදහිල්ල ද ඇය අන් අයට සැලකූ ආකාරය ද විස්තර කළේය. ඔහු යෞවනයෙකු ලෙස අරගලයක යෙදී සිටින අතර ඇය ඔහු තම නිවසට ගෙන ඔහුට සැලකීය. දැන් විසි ගණන් වල සිටි ඔහු තම නැන්දනිය ගැන කීවේ “ඇය මට අම්මා වගේ” කියාය. “මාගේ අර්බුද කාලයේ ඇය මා අත්හැරියේ නැහැ. ඇය නැතිනම් මාගේ ඇදහිල්ල නැතිවෙලා ඇති.” ෂා! කෙතරම් අනර්ඝ ආභාෂයක්ද! හෙලන් යේසුස්වහන්සේ කෙරෙහි යැපුණාය. එසේම තම සහෝදරයාගේ පුත‍්‍රයාටද එසේ කිරීමට උපකාර කළාය.

පරණ ගිවිසුමෙහි මෙපිබොෂෙත් නැමති තරුණයා දාවිත් තම නිවසට ඇතුල් කරගන්නවා අපි දකිමු. එ් මියගොස් සිටි ඔහුගේ පියාවූ යොනාතාන් නිසා ඔහුට කරුණාව පෙන්වීමටය (2 සාමුවෙල් 9:1). වසර ගණනාවකට පෙර ඔහුගේ පියා මියගිය ආරංචිය අසා ඔහු වඩාගෙන දුවමින් සිටි සේවිකාවගේ අතින් ඔහු බිව වැටිණි. එහෙයින් ඔහු ආබාධිත විය (4:4). රජ ඔහුට උපකාර කිරීමට ඉදිරිපත්වීම ගැන මෙපිබොෂෙත් මිවිත විය. ඔහු තමාව “මළ බල්ලෙකු” ලෙස හඳුන්වා ගත්තේය (9:8). කෙසේ වෙතත් රජ ඔහුට තම පුත‍්‍රයෙකුට මෙන් සැලකීය (9:11).

මාද එවැනි පුද්ගලයෙකු වීමට කැමැත්තෙමි. ඔබ කැමති නැද්ද? එනම් ඔවුන්ගේ ජීවිතයට බලාපොරොත්තුවක් නැතැයි පෙනෙන විටදී යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අල්ලා සිටීම පිණිස අන් අයට සලකන අයෙකු වීමටය.