රාජ්‍ය අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මකවන ලොතරැයි රටවල් 100කට වඩා ගණනක තිබේ. එක්සත් ජනපදය සහ කැනඩාවේ පමණක් ඩොලර් බිලියන 85ක් වටිනා ලොතරැයි පත් අලෙවි වේ. එය ලොව පුරා අලෙවියෙන් කොටසක් පමණි. විශාල ජැක්පොට් ලොතරැයි වලට ඇති ආශාව “මම ලොතරැයියක් දිනුවොත්” මගේ ප‍්‍රශ්න සියල්ල විසඳේ යන මානසිකත්වයක් බොහෝ අය තුළ ගොඩනගා ඇත.

ධනයෙහි කිසි වරදක් නැත. එහෙත් ජීවිතයේ සියලු ප‍්‍රශ්න වලට පිළිතුර මුදල් යැයි කියා අප රැවටීමට මුදල් වලට බලයක් ඇත. ගීතිකාකරු වෙනස් මතවාදයක් ප‍්‍රකාශ කරමින් ලියන්නේ, “සියලූ සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප‍්‍රීතිමත්වීමි… ඔබගේ පනත් වලට ප‍්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි” යනුවෙනි (ගීතාවලිය 119:14,16). ආත්මික වස්තුව ගැන මෙම සංකල්පය අවධානය යොමු කරන්නේ දෙවියන්වහන්සේ වෙත දක්වන කීකරුකම සහ “උන්වහන්සේගේ ආඥමාර්ගයෙහි” යෑමය (35 පදය).

මිලියන ගණනක ජැක්පොට් දිණුමක් ලබා ගැනීමට වඩා ස්වාමීන්වහන්සේගේ වචනය අනුගමනය කිරීමට අප උනන්දු නම් කෙසේවේද? එවිට ගීතිකාකරු සමඟ අපද “ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව. නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා ඔබගේ මාර්ගයෙහි මා ප‍්‍රාණවත් කළ මැනව” කියා යාච්ඤා කරනු ඇත (36-37 පද).

කීකරුකමේ සම්පත්, එනම් සැබෑ සම්පත් ස්වාමීන්වහන්සේ සමඟ ගමන්කරන සියල්ලන්ට අයිතිවේ.