අගෝස්තු මාසයේ එක් සන්ධ්‍යාවක වර්මොන්ට්හි අපගේ කුඩා සභාවේ එක් තරුණ මිෂනාරිවරයෙකු දේශනා කළේය. ඔහු සහ ඔහුගේ භාර්යාව සේවය කළ දේශය ආගමික අර්බුද වල පැටලී තිබිණි. එය දරුවන්ට ඉතා අනතුරුදායක බවට ප‍්‍රසිද්ධ විය. ඔහුගේ එක් කථාවකදී සිත් මිරිකී යන සිදුවීමක් විස්තර කරමින් ඔහුගේ දියණිය ඇයව පාසැල් නේවාසිකාගාරයේ තනිකර නොයන ලෙස ආයාචනා කළ ආකාරය ඔහු පැවසීය.

එ් වන විට අපගේ දියණිය ඉපදී මම අලුත් පියෙකුවී සිටියෙමි. එහෙයින් එම කථාවෙන් මම කලබල වීමි. ප්‍රේමණීය දෙමව්පියන් එලෙස තම දියණිය අත්හරින්නේ කෙසේද? මම මටම කියාගතිමි. කථාව අවසන් වන විට මා කෝපයට පත්ව සිටි නිසා මිෂනාරිවරයා බැලීමට යාම පවා ප‍්‍රතික්ෂේ්ප කළෙමි. මම සභාවෙන් පිටව ගියේ “මම එ් වාගේ නොවන නිසා සතුටුයි…” කියා හඬනගමිනි.

එම අවස්ථාවේදී ශුද්ධාත්මයාණෝ මා නැවැත්වූසේක. මට වාක්‍යය අවසන් කිරීමට නොහැකි විය. මම ඵරිසියා දෙවියන්වහන්සේට කී දෙයට සමාන දෙයක් කියමින් සිටියෙමි. “මම… අනිත් මනුෂ්‍යයා මෙන්… නොවනබැවින් ඔබට ස්තූතිකරමි” (ලූක් 18:11). මම මා ගැන කෙතරම් කළකිරුණේද? දෙවියන්වහන්සේ කෙතරම් දුක් වන්න ඇද්ද? එම සන්ධ්‍යාවේ සිට යටත්කමින් සහ මාව පාලනය කර ගනිමින් අන් අය තම සිත් පාපොච්චාරණයෙන් හෝ වේදනාවෙන් වගුරුවන විට ඇහුම්කන් දීමට දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලීමි.