ඛේදනීය ලෙස ගිලුණු නැවකින් බේරුණ 71 වියේ පසුවූ දකුණු කොරියානු ස්ත‍්‍රියකට ගැළවෙන අයට ඇතිවෙන සිත් දොස් තැබීම ඇතිවිය. ආරෝග්‍ය ශාලාවේ තම ඇඳ මත සිට ඇය පැවසුවේ තමාට වඩා තරුණ අය බොහෝමයක් මිය ගිය අනතුරකදී තමා ගැළවීමේ සාධාරණත්වය අවබෝධ කර ගැනීමට ඇයට නොහැකි බවය. එසේම බලාපොරොත්තු රහිතව සිටින අවස්ථාවේ තමාව වතුරෙන් පිටතට ගත් අයගේ නම නොදැන සිටීම ගැනද ඇය පසුතැවුනාය. තවද ඇය ඊට එකතු කළේ ඔහුට ආහාරවලින් සංග‍්‍රහ කිරීමට ඇයට අවශ්‍ය බවය.

අන් අය ගැන ඇයට තිබූ සිත මට පාවුල් මතකයට ගෙනාවේය. ඔහු තමාගේ අසල්වාසීන් සහ රට වැසියන් ගැන කෙතරම් සැලකීද යත් ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ තමා තබා සිටි සම්බන්ධතාව පවා ඔවුන් බේරාගැනීම වෙනුවෙන් නැතිකර ගැනීමට ඔහු කැමති විය. “මට බලවත් ශෝකයද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේ… මාගේ සහෝදරයන් උදෙසා ක‍්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන් නම් ඊටත් කැමති වෙමි” (රෝම 9:1-3). පාවුල් පුද්ගලික කෘතඥතාවයේ ගැඹුරක් පෙන්නුම් කළේය. දෙවියන්වහන්සේගේ මාර්ග සහ විනිශ්චයන් තමන් නොදන්නා බව ඔහු තේරුම් ගත්තේය (14-24 පද). ශුභාරංචිය සියල්ලන් හට ප‍්‍රකාශ කිරීමට හැකි සියල්ල කරන අතර අපට කිසිසේත් කළ නොහැකි තරම් මුළු ලෝකයට බොහෝ සේ පේ‍්‍රමකරන දෙවිකෙනෙකුගේ හදවත මත විශ්වාසය තැබීමෙන් ඔහුට සාමයද ප‍්‍රීතියද ලැබිණ.