විලී මයිරික් දිනක් නිවසට යන පාරේ සිටියදී පැහැර ගැනීමට ලක්විය. එවිට ඔහුගේ වයස 9ක් විය. කුමක් වේදැයි නොදැන පැය ගණනක් ඔහු තමා පැහැර ගත් පුද්ගලයා සමඟ මෝටර් රථයක ගමන් කළේය. එම කාලය තුළ “සැම ප‍්‍රශංසා” යන ගීතිකාව ගැයීමට විලී තීරණය කළේ ය. එම වචන නැවත නැවත ඔහු කියන විට ඔහු පැහැරගෙන ගිය පුද්ගලයා පරුෂ වචනයෙන් බැණ කටවහ ගන්නැයි ඔහුට සැර කළේය. අවසානයේදී මිනිසා රථය නවතා හානියක් නැතුවම විලීට යාමට ඉඩ හැරියේය.

විලී පෙන්වූ ලෙසට සැබෑ ලෙස ස්වාමීන්ට ප‍්‍රශංසා කිරීමට අප දෙවියන්වහන්සේගේ චරිතය වෙත අවධානය යොමු කර අපගේ බිය, අප තුළ ඇති වරද සහ අපගේ සිත් මත යැපීම අත්හැරිය යුතුය.

ඉශ‍්‍රායෙල්වරු මේ භාර වීමේ ස්ථානයට පත්වූයේ තම සතුරන්ට මුහුණ දුන් විටය. ඔව්හු සටනට සූදානම් වන විට යෙහෝෂාපාට් රජු තම සතුරන්ගේ හමුදාව ඉදිරියට යාමට සංගීත කණ්ඩායමක් සංවිධානය කළේය. සංගීත කණ්ඩායම “ස්වාමීන්වහන්සේට ස්තූති කරන්න. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේය” කියා ගායනා කළෝය (2 ලේකම් 20:21). සංගීතය ආරම්භවූ විටම යහසීයෙල් අනාගතවක්තෘ අනාවැකි කී ලෙසම කිසිම සටනක් කිරීමට ඉශ‍්‍රායෙල්ට සිදු නොවීය (17 පදය).

අප සටනකට මුහුණ දෙනවා හෝ අප උගුලකට අසුවී ඇතැයි සිතනවා විය හැකිය. එහෙත් අපගේ සිත්වලින් දෙවින්වහන්සේට මහිමය දීමට අපට පුළුවන. සැබෑ ලෙසම “මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය. බොහෝ ප‍්‍රශංසා ලැබීමට වටින්නේය” (ගීතාවලිය 96:4).