“ඒ මගේ ගෝලයා” තමා උපකාර කරන කෙනෙකු ගැන වරක් ස්ත‍්‍රියක් කියනවා මට ඇසිණි. ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස ගෝලයන් බිහිකිරීමේ කාර්යය අප සතුය. එනම් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සෙනඟ සමඟ බෙදාගෙන ආත්මිකව වර්ධනය වීමට ඔවුන්ට උපකාර කිරීම වේ. එහෙත් යේසුස්වහන්සේ වෙනුවට අප වෙත අවධානය යොමු වීම පහසුය.

කොරින්ති සභාව ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තබා තිබූ අවධානය නැතිකර ගැනීම ගැන පාවුල් සංවේදී විය. එකල ප‍්‍රසිද්ධ දේශකයන් දෙදෙනා වූයේ පාවුල් සහ අපොල්ලොස්ය. සභාව බෙදී තිබිණි. “මම පාවුල් අනුගමනය කරනවා” සමහරු “නැහැ මම අපොල්ලොස් අනුගමනය කරනවා” කීහ. ඔව්හු වැරදි පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කිරීම ආරම්භ කර තිබිණි. ඔව්හු ගැළවුම්කරුවාණන් වෙනුවට ගුරුවරු අනුගමනය කළෝය. එහෙත් පාවුල් ඔවුන් නිවැරදි කළේය. “අප දෙවියන්වහන්සේගේ හවුල් සේවකයෝ වෙමු” කව්රු සිටවනවාද කව්රු වතුර දමනවාද යන්න ගැටළුවක් නොවේ. වර්ධනය දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි. කිතුණුවෝ “දෙවියන්වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය” (1 කොරින්ති 3:6-9). කොරින්ති ඇදහිලිවතුන් පාවුල්ගේ හෝ අපොල්ලොස්ගේ නොවීය.

යේසුස්වහන්සේ අපට පවසන්නේ ගොස් ගෝලයන් බිහිකර උන්වහන්සේ ගැන ඔවුන්ට ඉගැන්වීමටය (මතෙව් 28:20)! එසේම හෙබ්‍රෙව් කර්තෘ අපට මතක් කර දෙන්නේ “ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද” (12:2) වෙත අපගේ අවධානය යොමු කිරීමටය. අප උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන විට උන්වහන්සේට ගෞරවය ලැබේ. උන්වහන්සේ මොනම මනුෂයෙකුටත් වඩා උසස්වේ. උන්වහන්සේ අප අවශ්‍යතා සපුරනු ඇත.