ක්‍රොඒෂියාවේ සග්රෙබ් නුවර ඇති බිඳුණු සම්බන්ධතා පිළිබඳ කෞතුකාගාරයේ පේ‍්‍රමයේ සුන් බුන්වල සංකේත විශාල ගණනක් තිබේ. එ්වා ලබා දී ඇත්තේ නම හෙළි නොකළ අයයි. තම සහකාරියගේ ලී බඩු කඩා දැමීමට භාවිතා කළ පොරොවක් එහි තිබේ. පුළුන් පුරවා සාදන ලද සතුන්, බිඳුණු වීදුරුවලින් රාමුකරන ලද පෙම් හසුන්, මංගල්‍ය ඇඳුම් යනාදිය සිත් තැවුල් විශාල ප‍්‍රමාණයක් ගැන කථා කරයි. කෞතුකාගාරට එන සමහරු තමන්ගේ බිඳුණු සිත් ගැන කදුළු සලමින් පිටවන අතර තවත් සමහරු අනිකා අත් නොහරින බවට පොරොන්දු සහ වැළඳ ගැනීම් සමඟ පිටවී යති.

පරණ ගිවිසුමේ යොසායා අනාගතවක්තෘ ලියා ඇත්තේ “ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ට… උන්වහන්සේ මා එවූසේක” (යෙසායා 61:1). නාසරෙත් සිනගෝගයේදී යෙසායා 61න් කියවූ පසු යේසුස්වහන්සේ කීවේ “අද නුඹලා අසා සිටිද්දී මේ ලියවිල්ල සම්පූර්ණ විය” යනුවෙනි (ලූක් 4:21). හැඟීම් තුවාල සුව කිරීමට වඩා බොහෝ එහාට යමින් යෙසායාගේ වචන කථා කරන්නේ වෙනස්වූ හදවතක් සහ අලුත් කරන ලද ආත්මයක් ගැනය. එය ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ දීමනාව වන “අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප‍්‍රීතිය නැමති තෛලයත්, ක්ලාන්ත සිතක් වෙනුවට ප‍්‍රශංසාව නැමති වස්ත‍්‍රයත්” ලබා ගැනීමෙනි (යෙසායා 61:3).

අපගේ ජීවිත වල පසුතැවිල්ල සහ කැඩුණු පොරොන්දු අප සියලු දෙනා අත්දැක ඇත. කුමක් සිදු වුවත් සුවයද බලාපොරොත්තුවද උන්වහන්සේ තුළ අලුත් ජීවිතයද සොයා ගැනීමට ස්වාමීන්වහන්සේ අපට ඇරයුම් කරනසේක.