අපි සම්පූර්ණයෙන් සිරවී සිටියෙමු. මාගේ දෙමාපියන්ගේ සොහොන මත මා මල් වඩමක් තබන අතර තව රථයකට ඉඩදීමට මාගේ ස්වාමිපුරුෂයා රථය පසුපසට ගත්තේය. සති ගණනක් වැසි වැසීම නිසා නවත්වන ස්ථානය මඩවී තිබිණි. අප යාමට උත්සාහ කරන විට රථය සිරවී ඇති බව අපට වැටහිණි. රෝද කැරකී කැරකී තවත් යටට එරින.

තල්ලූවක් නැතිව කිසිදෙයක් කිරීමට බැරිවිය. මගේ ස්වාමිපුරුෂයාගේ උරහිස බිඳී තිබිණි. දුර සිටින තරුණයන් දෙදෙනෙකු මම දුටිමි. ඔවුන් මාගේ කෑගැසීම් සහ අත්වැනීම් වලට ප‍්‍රීතියෙන් ප‍්‍රතිචාර දැක්වූහ. ඔවුන්ගේ එකමුතු උත්සාහයෙන් රථය නැවත පාරට ගැනිණි.

ගීතාවලිය 40 සඳහන් කරන්නේ දාවිත් උපකාර ඉල්ලා මොරගැසූ විට දෙවියන්වහන්සේ දැක්වූ විශ්වාසවන්තකමය. “මම ඉවසිල්ලෙන් ස්වාමින් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක. උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථීර කළසේක” (1-2 පද). මෙය අර්ථවත් කරන්නේ සැබෑ වලකට ඇදවැටීම හෝ අභියෝගාත්මක තත්ත්වයකදී වුවද මිදීම සඳහා සෑම විට දෙවියන්වහන්සේට මොරගැසිය හැකි බව දාවිත් දැන සිටිබවය.

අප උන්වහන්සේගෙන් උපකාර ඉල්ලන විට උන්වහන්සේ අපටද උපකාර කරනසේක. සමහර විට උන්වහන්සේ සෘජුව මැදිහත්වේ. එහෙත් බොහෝ විට උන්වහන්සේ අන් අය තුළින් ක‍්‍රියාකරනසේක. අපි අපගේ අවශ්‍යතාවය උන්වහන්සේටද සමහර විට අන් අයටද දැන්වූ විට උන්වහන්සේගේ විශ්වාසවන්තභාවය ගැන අපට සහතික කළ හැකිය.