මම අපගේ වත්තේ පොළොව මත දැළක් එලා එය උඩ අලංකාර ගල්පතුරු යොදමින් සිටියෙමි. මා වැඩය අවසන් කිරීමට යන විට දැලෙහි ලේනෙකු පැටලී සිටිනවා ටුවෙමි. මම මගේ අත්වැසුම් දමාගෙන සෙමින් දැලෙන් ලේනා නිදහස් කිරීමට උත්සාහ කළෙමි. පොඩි එකා මගේ ක‍්‍රියාව ගැන සතුටු නොවීය. ඌ උගේ පසුපස පාද ගසමින් මා සපා කෑමට උත්සාහ කළේය. “යාළුවා, මම නුඹට රිදවන්නේ නැහැ. කලබල වෙන්න එපා” කියා මම ඌට කීවෙමි එය තේරුම් නොගෙන ඌ විරෝධය පෑවේය. කෙසේ හෝ අවසානයේ පැටලීම ලිහා මම ඌ මිදුවෙමි.

සමහර විට මනුෂ්‍යයන්ටද තමන් පැටලී සිටී යැයි සිතේ. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට ප‍්‍රතිචාර දක්වන්නේ බියෙනි. ශතවර්ෂ ගණනාවක්ම උන්වහන්සේ සෙනඟට ගැළවීම සහ බලාපොරොත්තුව දීමට බලා සිටිනසේක. එහෙත් අපි උන්වහන්සේට විරුද්ධ වෙමු. උන්වහන්සේ දෙන උපකාරය අවබෝධ කර නොගනිමු. යෙසයා 41හි අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ වචන හුවා දක්වන්නේ “මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිට වන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි” (13 පදය).

ඔබගේ තත්ත්වය ගැන සිතන විට ඔබ දෙවියන්වහන්සේගේ කාර්යය ගැන සිතන්නේ කෙසේද? කාරණා උන්වහන්සේට භාර දීමට ඔබ භයද? උන්වහන්සේ ඔබට අනතුරක් කරාවි යැයි ඔබ සිතනවාද? උන්වහන්සේ යහපත්ය, අපට සමීපය. ඔබගේ පැටලීම් වලින් ඔබ නිදහස් කිරීමට උන්වහන්සේට අවශ්‍යවේ. ඔබගේ ජීවිතය උන්වහන්සේට භාරදීමට ඔබට පුළුවන.