සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ සංගීත නිර්මාණකරුවෙකු වන ජෝන් ෆිලිප් සූසා, වසර සියයකට වැඩි කලක් තිස්සේ ලොව වටා සංගීත කණ්ඩායම් වාදනය කරන සංගීතයන් නිර්මාණය කළේය. ඔහු වඩාත් ප‍්‍රසිද්ධ “ආචාර පෙළපාලි රජු” ලෙසය. සංගීත ඉතිහාසඥයෙකු සහ වර්ජීනියා හමුදා සංගීත කණ්ඩායමේ මෙහෙයවන්නා වන ලොරාස් ජෝන් චිසල් කියන පරිදී බීතෝවන් සංධ්වනි සංගීතයට කළ සේවය සූසා ආචාර පෙළපාලි සංගීතයට කළේය. සෙනඟ පෙළඹවීමටද දිරිමත් කිදීමටද ජ්වලිත කිරීමටද සංගීතයේ ඇති හැකියාව සූසා අවබෝධ කරගත්තේය.

පරණ ගිවිසුම් කාලයෙහි අවශ්‍යතා පැනනැගුන විට දෙවියන්වහන්සේගේ උපකාරය සමරන පිණිස ඉශ‍්‍රායෙල් සෙනඟ ගීත රචනා කර ගායනා කළෝය. ඵාරාවෝගේ හමුදාවෙන් ආ අනිවාර්ය විනාශයෙන් ස්වාමීන්වහන්සේ සෙනඟ ගැළවූ විට “මෝසෙස් සහ ඉශ‍්‍රායෙල් පුත‍්‍රයෝ ස්වාමීන්වහන්සේට මේ ගීතිකාව ගානයා කරමින්… මම ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි. මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. අශ්වයා සහ අසරුවා මුහුදට හෙළුෑසේක. මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය”යි කීවෝය (නික්මයාම 15:1-2).

අතීතයෙහි දෙවියන්වහන්සේගේ විශ්වාසකම ගැන අපට මතක් කරමින් අපගේ ආත්ම එසවීමට සංගීතයට බලයක් ඇත. අප අධෛර්යය වී සිටින විට අභියෝගාත්මක තත්ත්වයන්ගෙන් අපගේ ඇස් ඉවත්කර ස්වාමීන්වහන්සේගේ බලය සහ අභිමුඛය අපට පෙන්වන ගීතිකා ගායනා කිරීමට අපට පුළුවන. උන්වහන්සේ අපගේ ශක්තියය, අපගේ ගීතය සහ අපගේ ගැළවීමය.