මෙම ප‍්‍රහේලිකාව මා තුෂ්නිම්භූත කළේය. දෙවියන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කුමක්ද? යක්ෂයාට වඩා නපුරු කුමක්ද? එය දුගීන් සතුය ධනවත් අයට එය අවශ්‍යය. ඔබ එය කෑවොත් ඔබ මැරෙයි. පැහැදිලි පිළිතුර ගැන නොසිතා මා මනස එහා මෙහා යාමට ඉඩ හැරීමෙන් මට පිළිතුර මඟහැරී ගියේය. එනම් “කිසිදෙයක් නැත” (nothing) යන්නය. මෙම ප‍්‍රහේලිකාව මට මතක් කර දෙන්නේ මුලින්ම ඇසූ විට විසඳීමට ඉතා අසීරුවූ දැනුම පරීක්ෂාවට ලක්කළ ගැටළුවකි. පුරාණ නැණවතෙකුවූ ආගූර් ඇසුවේ “ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගු කරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත‍්‍රයාගේ නම කුමක්ද? දන්නෙහි නම් කියන්න” (හිතෝපදේශ 30:4).

අද අපි මේ ගැටළුවලට පිළිතුරු දන්නෙමු. එහෙත් සමහර විට අපි ප‍්‍රශ්න, කණස්සලු වීම් සහ ජීවිත අවශ්‍යතා මධ්‍යයෙහි සිටින විට අපට මෙම පැහැදිලි කරුණ මඟහැරී යා හැකිය. ජීවිතයේ එක් එක් ගැටළුවට අපට ඇති වැදගත්ම ප‍්‍රහේලිකාවට පිළිතුරු දෙන තැනන්වහන්සේගෙන් අපගේ අවධානය ඉවත් කළ හැකිය. “දෙවියන්වහන්සේට සමාන කවුද? යක්ෂයාට වඩා බලවත් කවුද? දුගීන්ට උන්වහන්සේ අවශ්‍යවේ, ධනවතුන්ට උන්වහන්සේ අවශ්‍යය, ඔබ උන්වහන්සේගේ මේසයෙන් කන්නේ නම් බොන්නේ නම් ඔබ කිසිදා නොනසී! උන්වහන්සේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.