මාගේ පුත‍්‍රයා චීන භාෂා පන්තිවලට යෑම ආරම්භ කළ විට ඔහු තම පළමු පන්තිය නිමවා ගෙදර ගෙන ආ සටහන් වලින් මම මවිත වීමි. දේශීය ඉංගී‍්‍රසි කථා කරන අයෙකු ලෙස එම රූපාක්ෂර වචන වලට සම්බන්ධ වන්නේ කසේදැයි සිතා ගැනීම මට අසීරු විය. එම භාෂාව දැඩි ලෙස මාහට සංකීර්ණ විය. කිසිසේත් අවබෝධ කර ගැනීමට නොහැකි විය.

සමහර විට දෙවියන්වහන්සේගේ ක‍්‍රියා මාර්ග ගැන සිතන විට එවැනිම මවිතයක් මට ඇතිවේ. “මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි” ස්වාමීන්වහන්සේ කියන බව මම දනිමි (යෙසායා 55:8). එසේ වුවද දෙවියන්වහන්සේ සමහර දේවල් සිදුවීමට ඉඩ හරින්නේ ඇයි කියා දැනගැනීමට අවශ්‍ය බව කියන කුමක්දෝ කොටසක් මා තුළ තිබේ. මම උන්වහන්සේගේ වචනය දිනපතා කියවමි, උන්වහන්සේගේ ශුද්ධාත්මයාණෝ මා තුළ සිටිනසේක.

දෙවියන්වහන්සේගේ මාර්ග තේරුම් ගැනීමට මට අයිතියක් ඇතැයි සිතෙන විට මම නැවතත් යටත්කමට භාරවෙමි. තමාගේ සියලු සිත් තැවුල් වලට යෝබ්ට පිළිතුරක් නොලැබුන බව මට මතක්වේ (යෝබ් 1:5,8). තේරුම් ගැනීමට ඔහු වීර්යය කළේය. “දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා (උන්වහන්සේ නිවැරදි කෙරේවා)” (40:2). යෝබ් යටත්කමින් පිළිතුරු දුන්නේ “මම… ඔබට උත්තර දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගතිමි” කියාය (4 පදය). දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඉදිරියෙහි යෝබ් නිරුත්තර විය.

දෙවියන්වහන්සේගේ මාර්ග සමහර විට අභිරහස් ලෙසද තේරුම් ගැනීමට නොහැකි ලෙසද පෙනුනත් එ්වා අපගේ මාර්ගවලට වඩා උසස් බව දැන සහතික ලෙස අපට නිසල විය හැක.