මා බොහෝ දේවලට දොස් ලබා ඇති අතර එය සාධාරණය. මාගේ පාපය, පරාජය සහ අදක්ෂතාව, මිතුරන් සහ පවුලේ අයට (සමහර විට අමුත්තන්ට) දුක, කණස්සල්ල සහ කරදර උපදවයි. සමහර විට මාගේ වැරදි නොවන දේවලටද මම දොස් ලබමි. එ්වා නිවැරදි කිරීමට මට බලයක් නැත.

එසේම මම අනිත් පක්ෂයේ සිට ඇත්තෙමි. අන් අයට චෝදනා එල්ල කර ඇත්තෙමි. ඔවුන් යමක් වෙනස් විධියට නොකළේ නම් මම දැනට ඉන්නා අර්බුදයේ මා නොසිටිනු ඇතැයි මම කියමි. දොස් තැබීම තුවාල කරන්නේය. වැරදි කාරයාවුවද නිවැරදි කාරයාවුවද අපගේ වරද කෙනෙකු මත පටවන පිණිස අප බොහෝ කාලයක්ද මානසික ශක්තියක්ද වැය කරමු.

දොස් තැබීම ගැන ක‍්‍රියා කිරීමට වඩා යහපත් ක‍්‍රමයක් යේසුස්වහන්සේ අපට පෙන්වාදෙනසේක. උන්වහන්සේ කිසි වරදක් නොකළද ලෝකයේම පාපය තමා මතට ගෙන එය දරාගත්සේක (යොහන් 1:29). අප බොහෝ විට යේසුස්වහන්සේ, පූජාවේ බැටළුවාණෝ ලෙස හඳුන්වමු. එහෙත් ලෝකයේ ඇති වැරදි සියල්ලේ බිල්ලට කැපවූ පිං එළුවාද උන්වහන්සේ විය (ලෙවිකථාව 16:10).

අප අපගේ පාපය පිළිගෙන එය ඉවත් කිරීමට ක‍්‍රිස්තුස්වහන්සේ දෙන පොරොන්දුව පිළිගත් විට අපගේ සිත්වල දොස් තැබීම තව දුරටත් දරාගෙන සිටීම අවශ්‍ය නැත. එසේම එම දෙයම අපට කිරීමට තැත් කරන අන් අයගෙන් දොස් භාර ගැනීමද අවශ්‍ය නොවේ.

යේසුස්වහන්සේට ස්තූති කරමු. දොස් තැබීමේ සෙල්ලම අපට නවතා දැමිය හැක.