පේරු දේශයට ගිය සංචාරයකදී එම කඳුවලින් පිරී රටෙහිදී හමුවන එක් ගල් ගුහාවක් නැරඹීමට මම ගියෙමි. අපගේ මඟපෙන්වන්නා අපට කීවේ මෙම ගල්ගුහාවේ සැතපුම් 9ක් දැනටම ගවේෂණයට ලක්ව ඇති බවය. එය ඊටත් වඩා ගැඹුරු බව ඔහු පැවසුවේය. අපි මවිතය ගෙන දෙන වව්ලන් වර්ගද, රාත‍්‍රී පක්ෂීන්ද මනහර ලෙස සැකසුණු ස්වභාවික ගල් කලා නිර්මාණද දුටුවෙමු. වැඩි වේලාවක් යාමට පෙර ගුහාවේ අඳුර දරාගැනීමට නොහැකි විය. හුස්ම හිරවෙනවා මෙන් දැනින. පිටතට අවුත් දවල් ආලෝකය දුටු විට විශාල නිදහසක් දැනුනි. අඳුර කොතරම් දරුණු විය හැකිද? අපට ආලෝකය කෙතරම් අවශ්‍යද කියා එම අත්දැකීම කැපී පෙනෙන මතක් කිරීමක් වේ. අප ජීවත් වන්නේ පාපයෙන් අඳුරුවී ඇති ලොවකය. එනම් තම මැවුම් කරුවාණන්ට විරුද්ධව සිටින ලොවකය. එහෙයින් අපට ආලෝකය අවශ්‍යවේ.

මනුෂ්‍යත්වයද සමඟ සියලු මැවිල්ල යථා තත්ත්වයට පත් කිරීමට ආ යේසුස්වහන්සේ තමන්වහන්සේ “ආලෝකය” ලෙස හඳුන්වා ගත්සේක (යොහන් 8:12). “මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි, මා කෙරෙහි අදහාගන්නා කවරෙක් නමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස”ය කියා උන්වහන්සේ වදාල සේක (12:46).

උන්වහන්සේ තුළ අපට ගැළවීමේ ආලෝකය ඇතිවා පමණක් නොව අපගේ මාර්ගය සොයා ගැනීමට හැකි ආලෝකයද ඇත්තේය. එනම් ලෝකයේ ආත්මික අන්ධකාරය තුළින් යාහැකි උන්වහන්සේගේ මාර්ගයයි.