වැදගත් කමින් අඩු සෞරග‍්‍රහ මණ්ඩලයක කුඩා ග‍්‍රහයෙකු මත බිලියන 7ක සෙනඟක් අතර ජීවත් වන අය අතර අපිද සිටිමු. දෙවියන්වහන්සේ මවා ඇති මිලියන ගණනක් ස්වර්ගීය ග‍්‍රහයන් අතර අපගේ පෘථිවිය එක් කුඩා නීලවර්ණ තිතක් පමණි. අපගේ විශ්වය නැමති අති විශාල කැන්වස් තිරය දෙස බලන කල අපගේ අලංකාර තේජවන්ත පෘථිවිය ඉතා කුඩා දූවිලි අංශුවක් ලෙස පෙනේ.

එසේ සිතන විට අප අතිශයින් නොවැදගත්, නොසැලකෙන අය බව අපට කල්පනා විය හැක. කෙසේවෙතත් දෙවියන්වහන්සේගේ වචනය සඳහන් කරෙන්නේ එහි විරුද්ධාර්ථය සත්‍ය බවය. අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ තම “අල්ලෙන් ජලය” මැන්න සේක (යෙසායා 40:12). උන්වහන්සේ එකිනෙක පුද්ගලයා අතිශයින් වැදගත් කමික් වෙන් කොට සලකනසේක. ඊට හේතුව අප මවා ඇත්තේ උන්වහන්සේගේ ස්වරූපයෙන් නිසාය.

උදාහරණයක් ලෙස අප විසින් භුක්තිවිඳින පිණිස සියල්ල මවා තිබේ (1 තිමෝති 6:17). එසේම යේසුස්වහන්සේ තම ගැළවුම්කරුවාණන් වශයෙන් විශ්වාස කරන සැමට දෙවියන්වහන්සේ අරමුණක් දුන්සේක (එපීස 2:10). එසේම මෙයද සලකා බලන්න: මේ ලෝකයේ විශාලත්වය කෙතරම් වුවද දෙවියන්වහන්සේ විශේෂයෙන්ම අප එකිනෙකා ගැන සලකනසේක. ගීතාවලිය 139 පවසන්නේ අප කියන්න උත්සාහ කරන දේද අප සිතනදේද උන්වහන්සේ දන්නා බවය. අපට උන්වහන්සේගේ අභිමුඛය මඟහැරිය නොහැක. ඉපදීමටත් පෙර උන්වහන්සේ අපගේ භෞමික පැවැත්ම සැලසුම් කළසේක.

විශ්වයේ දෙවියන්වහන්සේ එතරම් අපට සලකන නිසා අප නොවැදගත් යන හැඟීමෙන් සිටීමට අවශ්‍ය නැත.