පාළුවෙන් පොරබදන මිතුරියක් තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහන් කළාය: “යහළුවන් නොමැති නිසා මට තනිකමක් දැනෙනවා නොවේ. මට යහළුවෝ බොහෝ සිටිති. මා වැළඳගෙන දිරිගන්වා කථාකර මා ගැන සලකා මා ගැන කල්පනා කිරීමට හැකි අය සිටින බව මම දනිමි. එහෙත් ඔවුන් කිසිවෙකුට මා සමඟ සදාකාලයට සැම මොහොතේම සිටිය නොහැක”.

එවැනි පාළුව යේසුස්වහන්සේ තේරුම් ගත්සේක. උන්වහන්සේගේ භෞමික සේවා කාලයේ උන්වහන්සේ ලාදුරු රෝගීන්ගේ ඇස්වල සහ අන්ධ අයගේ කට හඬවල එය දුටු බව මම විශ්වාස කරමි. එහෙත් වෙන කිසි වේලාවකට වඩා උන්වහන්සේගේ සමීප මිතුරන් උන්වහන්සේ අත්හැරිය වේලේ උන්වහන්සේ එය අත්දකින්න ඇති (මාර්ක් 14:50).

කෙසේවෙතත් උන්වහන්සේ ගෝලයන් තමා අත්හරින බවට අනාවැකි කී විට තම පියාණන්ගේ අභිමුඛය ගැන තබා තිබෙන අචල විශ්වාසය ගැනද ප‍්‍රකාශ කළසේක. උන්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ “නුඹලා මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය… නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි” (යොහන් 16:32). යේසුස්වහන්සේ මේ වචන කියා මොහොතකට පසු අප වෙනුවෙන් කුරුසිය ගත්සේක. උන්වහන්සේ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාව නැවත ඇතිකර ගෙන උන්වහන්සේගේ පවුලේ සමාජිකයෙකු වීමේ හැකියාව අපට දුන්සේක.

අප මනුෂ්‍යයන් බැවින් අප සියල්ලෝ පාළුවේ කාලයන් අත්දකිනු ඇත. එහෙත් සැම විට පියාණන්ගේ අභිමුඛය අප සමඟ තිබෙන බව අවබෝධ කර ගැනීමට යේසුස්වහන්සේ අපට උපකාර කරනසේක. දෙවියන්වහන්සේ සර්වවාසීය, සදාකාලිකය. සදාකාලේටම අප සමඟ සිටිය හැක්කේ උන්වහන්සේට පමණි.