සම්මාන ලාභී චිත‍්‍රපට විචාරක රොජර් ඊබට් මිය ගිය පසු හවුල් ලේඛකයෙකු ඔහු ගැන මෙසේ ලිවීය: “ඔහුගේ ප‍්‍රසිද්ධිය, සම්මාන, සම්මුඛ සාකච්ඡා සහ චිත‍්‍රපට තාරකා සමඟ කෙරුණාවූ හමුවීම් මධ්‍යයෙහි ඊබට් අප කළ දේ වල හරය අමතක නොකළේය. එනම් චිත‍්‍රපට විචාරය කිරීමයි. ඔහු එ්වා අන් අය කුල්මත් කරන උද්යෝගයකින් සහ තීක්ෂණ බුද්ධියකින් විවේචනය කළේය” (ඩෙනිස් කිං, ද ඔක්ලහෝමා සඟරාව).

තමා විය යුත්තේ කව්රුන්ද කළ යුත්තේ කුමක්ද යන්න එනම් දෙවියන්වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තුවූ මූලික හරය පාවුල් අපොස්තුළුවරයා කිසි දිනෙක අමතක නොකළේය. ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ ඔහුගේ සබඳතාවය තුළ අවධානය සහ උනන්දුව තිබිණි. අතීනසයෙහි දර්ශනවාදීන් සමඟ විවාද කළද මධ්‍යධරණී මුහුදෙහි නැව් බිඳීම් අත්දුටුවද සිරගෙදරදී රෝම සොල්දාදුවෙකු සමඟ දම්වැලින් බැඳී සිටියද ඔහු අවධාරණය කළේ ඔහුගේ කැඳවීම ගැනය. එනම් “උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාර කමත් දැනගන්නා පිණිසය” (පිලිප්පි 3:10).

ඔහු සිර ගෙදර සිටින අතර “මම තවමත් අල්ලා ගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙනදේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන එ්වා දෙසම බලාගෙන යමින් ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පල කරා දුවමි” යනුවෙන් ලිවීය (3:13-14). ඔහු සිටි අවස්ථාව කුමක් වුවද ක‍්‍රිස්තුස්වහන්සේගේ ශ‍්‍රාවකයෙකු ලෙස පාවුල් අඛණ්ඩව ඉදිරියට ගියේය.

යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අප සැමවිට අප ලත් කැඳවීමට අනුව සිටිය යුත්තේ කෙසේද, කළ යුත්තේ කුමක්ද යන්නමතක තබා ගනිමු.