1944 ජූනි 6 වන දින ප‍්‍රංශයේ නෝමැන්ඩිහි ඌටා වෙරළ අසබඩ බෝම්බ ගෙන යන නැවක සිටි ඇමරිකානු නිලධාරීන් තිදෙනෙකුට වැටහී ගියේ තමන් වැරදි ස්ථානයට පැමිණ සිටින බවය. තුන්දෙනා ක්ෂණික තීරණයක් ගත්තෝය. “අපි ගමන මෙතැනින් අරඹමු.” අසීරු ආරම්භක ස්ථානයක සිට ඔවුන්ට ඉදිරියට යාමට සිදු විය.

තමන් අසීරු ස්ථානයක සිටින බව සාවුල්ට වැටහිණි. එ් දමස්කයට යන මාර්ගයේ්දී යේසුස්වහන්සේ හමුවීමෙන් පසු තීරණයක් ගැනීමට අවශ්‍යවූ හෙයිනි (ක‍්‍රියා 9:1-20). එ් ක්ෂණිකව තමාගේ ජීවිතය තිබෙන ස්ථානය සහ දිශාව වැරදි බව ඔහුට වැටහී ගිය නිසාය. ඔහුගේ මෙතෙක් ජීවිතය නාස්තිකාරයෙක් සේ ඔහුට හැඟී යන්නට ඇත. ඉදිරියට යාම අසීරුය. එසේම වෙහෙසකාරී, අපහසු කාර්යයන් කිරීමට සිදුවනු ඇත. සමහර විට ඔහු විසින් කඩා බිඳ දමන ලද කිතුනු පවුල් හමුවීමට යාමට ඔහුට සිදුවනු ඇත. එහෙත් ඔහු ප‍්‍රතිචාර දැක්වීය. (ස්වාමිනී මා කළ යුත්තේ කුමක්ද?) (6 පදය).

අප බලාපොරොත්තු නොවන ස්ථාන වල අප ඉන්නා බව සමහර විට අපට වැටහේ. ඒවායෙහි සිටීමට අපි බලාපොරොත්තු නොවීමු. සමහර විට ණය බරින් අප එරෙනවා වියහැක. ශාරීරික බාධා වලින් සිරවී සිටිනවා වියහැකිය. පාපයේ බරින් දුක් විඳිනවා වන්නට පුළුවන. අද අප මාළිගාවක හෝ සිරගෙයකදී ක‍්‍රිස්තුස්වහන්සේට හමුවුවද අප බිඳුනාවූ තත්ත්වයක හෝ ණයවී සිටීද නැතිනම් අපගේ ආත්මාර්ථකාමී ආශාවලින් යටවී සිටීද බයිබලය අපට කියන්නේ පසුපස තිබෙනදේ අමතක කර ක‍්‍රිස්තුස්වහන්සේ වෙතට යාමටය (පිලිප්පි 3:13-14) . උන්වහන්සේ සමඟ ඉදිරියට යාමට අතීතය බාධාවක් නොවේ.