සභාවේ රැස්වීමකදී පුටු පේළි කිහිපයකට එහායින් සිටි ළදරුවෙකු මම දුටුවෙමි. ළදරුවා තම පියාගේ උරහිස මත තම හිස තබා ගෙන සිටියේය. ඔහු සභාවේ සමහරෙකු දෙස බලන විට ඔහුගේ ඇස් විශාල විය. ඔහු සමහරෙකු දෙස බලා සිනහසුනේය, මිමිනුවේය. පිරුණු ඇඟිලි කටේ දැමීය. එහෙත් තමාගේ මහපටැඟිල්ල සොයා ගැනීමට ඔහුට නොහැකි විය. එ් සුරතල් ළදරුවා දෙස බලමින් සිටින විට මට සභාපාලකවරයා කී දේ අසා ගැනීමට නොහැකි විය.

බාධා සියලු හැඩයෙන් සහ ප‍්‍රමාණයෙන් පැමිණේ. මාර්තාට බාධා ආවේ ඉවීම සහ පවිත‍්‍ර කිරීම තුළිනි. උන්වහන්සේට ඇහුම්කන්දීම සහ උන්වහන්සේ සමඟ කථා කිරීම වෙනුවට ක‍්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට ඇය උත්සාහ කළාය. මරියා තම අවධානය ඉවතට යාමට ඉඩ නොදුන්නාය. “මරියා… ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය” (42 පදය).

යේසුස්වහන්සේගේ වචන අපට මතක් කර දෙන්නේ උන්වහන්සේ සමඟ ඇති අපගේ සබඳතාව අපගේ අවධානයට හසුවන ඕනෑම තාවකාලික යහපත් දෙයකට වඩා වැදගත් බවය. යහපත් දේවල් ශ්‍රේෂ්ඨ දේවල් වල සතුරෝ යැයි කියමනක් තිබේ. යේසුස්වහන්සේ අනුගාමිකයන්හට මේ ජීවිතයේ ඇති ශ්‍රේෂ්ඨතම දෙය නම් උන්වහන්සේ දැනගැනීම සහ උන්වහන්සේ සමඟ ගමන් කිරීමය.