මාගේ දරුවන්ගේ කුඩා අවදියට මාගේ සිත බොහෝ විට යොමුවේ. එක් විනෝදජනක මතකයක් නම් අපගේ නැගිටීමේ කාල සටහනය. සෑම උදෑසනකම මම ඔවුන්ගේ නිදන කාමර වලට ගොස් මෘදු ලෙස ඔවුන්ට කථා කරමි. නැගිටින්න කාලය හරි, දවසට සූදානම් වෙන්න යැයි කියන්නෙමි.

දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරුවීමට ආබ‍්‍රහම් පාන්දර නැගිට්ට බව කියවන විට මගේ දරුවන් නින්දෙන් පිබිදෙවූ එම අවදිය මට මතක්වේ. ඊසාක් ඇහැරවීම ආබ‍්‍රහම්ගේ දෛනික කාර්යයක් වී දැයි මම සිතමි. එම විශේෂ දිනය කෙතරම් වෙනස් දිනයක් වන්න ඇද්ද? එම දිනයේ තම පුත‍්‍රයා ඇහැරවීම ආබ‍්‍රහම්ගේ සිතට කෙතරම් වදයක් වන්න ඇද්ද?

ආබ‍්‍රහම් තම පුත‍්‍රයා බැඳ පූජාසනයේ තැබීය. එහෙත් එවිට දෙවියන්වහන්සේ විකල්ප පූජාවක් ඔහුට දුන්සේක. වසර සියගණනාවකට පසුව දෙවියන්වහන්සේ තවත් එවැනි පූජාවක් සැපයූසේක. එ් අවසන් පූජාවය. එනම් උන්වහන්සේගේම එ්ක ජාතක පුත‍්‍රයාය. තමන්ගේම පුත‍්‍රයා පූජා කිරීම දෙවියන්වහන්සේට කෙතරම් වේදනාකාරී වන්නට ඇද්ද. එ් උන්වහන්සේ පේ‍්‍රමකළ පුත‍්‍රයාය. උන්වහන්සේ එම ක‍්‍රියාවලිය තුළින් ගියේ උන්වහන්සේ ඔබට පේ‍්‍රමකරන නිසාය.

දෙවියන්වහන්සේ “මට ආදරේද” කියා ඔබ කල්පනා කරනවාදැයි මම නොදනිමි. තවදුරටත් එසේ නොසිතන්න.