ෆැනී කෙම්බල් 1800 ගණන්වල මුල්කාලයෙහි ඇමරිකාවට පැමිණි බි‍්‍රතාන්‍ය නිළියකි. ඇය දකුණේ ඉඩම් හිමි ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ විය. ඔහුගේ නම පියර්ස් බට්ලර්ය. වතුපිටිවලින් ලැබුණු ආදායමෙන් ෆැනී මුලදී තෘප්තිමත් වූවාය. එහෙත් එම සුඛවිහරණ ලැබෙන ආකාරය එනම් ඇයගේ ස්වාමිපුරුෂයාගේ වතුවල සේවය කළ වහලූන් විඳි දුක් ගැහැට දැක ඇය වෙනස් විය.

වහලූන් බොහෝ විට විඳි කෲර අත්දැකීම් ගැන ඇය ලිපි පළ කළාය. කෙම්බල් ටික කලකින් තම ස්වාමිපුරුෂායාගෙන් දික්කසාද වූවාය. ඇයගේ ලිපි වහල් සේවය අහෝසි කිරීමට සහය දක්වන්නන් අතර විශාල ලෙස ව්‍යාප්ත විය. 1863දී එය “1838-39 ජෝර්ජියන් වතුවල පිදිංචිකාරියකගේ සටහන්” ලෙස ප‍්‍රකාශයට පත් විය. වහල්කමට ඇය දැක්වූ විරෝධය නිසා කලින් වහල් හිමියෙකුගේ බිරිඳවූ ඇය “සිතාගැනීමට නොහැකි අහෝසිකරන්නී” යන නමින් ප‍්‍රසිද්ධ විය.

ක‍්‍රිස්තු ශරීරය වූ සභාව තුළද දෙවියන්වහන්සේ මනහර ලෙස අප පුදුමයට පත් කරනසේක. උන්වහන්සේ විටින් විට සිතිය නොහැකි සෙනඟ සහ අවස්ථා තම අරමුණ ඉෂ්ට කිරීමට භාවිතා කරනසේක. පාවුල් ලියා ඇත්තේ “නුමුත් දෙවියන්වහන්සේ ප‍්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක. දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක” කියාය (1 කොරින්ති 1:27-28).

මින් අපට මතක් කර දෙන්නේ තම අනුග‍්‍රහය නිසා දෙවියන්වහන්සේට ඕනෑම කෙනෙකු භාවිත කළ හැකි බවය. උන්වහන්සේගේ ක‍්‍රියාව අප තුළ ක‍්‍රියාත්මක කිරීමට අප ඉඩ හරින්නේ නම් අප තුළින් උන්වහන්සේට කළ හැකි කාර්යයන් ගැන අප මවිත වනු ඇත.