දවසට තුන්වරක් දිනපතා මා ආහාර පිසින විට එය නීරස දෙයක් විය හැකිය. පොතු ගලවා, කෑලිකර, කපා, මිශ‍්‍ර කර බැදෙන තුරු, තැම්බෙන තුරු හෝ ඉදෙන තුරු සිටීම වෙහෙස ගෙන දෙයි. එහෙත් කෑම ගැනීම නීරස නැත. දිනපතා කළද එය අපට තෘප්තියක් ගෙන දෙයි.

පාවුල් වැපිරීම සහ කැපීම යන නිදර්ශනය භාවිතා කළේ යහපත් වැඩ කිරීම වෙහෙසකර වන බව ඔහු දන්නා හෙයිනි (ගලාති 6:7-10). ඔහු ලීවේ “තවද යහපත්කම් කිරීමට මැළි නොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් නියම කාලයේදී කපාගන්නෙමුව” යනුවෙනි (9 පදය). අපගේ සතුරන්ට ප්‍රේම කිරීම, අපගේ ළමුන් විනයානුකූල කිරීම, යාච්ඤා කිරීම නොකඩවා සිදු කිරීම අසීරුය. කෙසේ වෙතත් අප වැපිරූ යහපත කපා ගැනීම අසීරු නැත. පේ‍්‍රමයෙන් ගැටුම් සංසිඳවීම, දරුවන් දෙවියන්වහන්සේගේ මාර්ගය අනුගමනය කිරීම දැකීම, යාච්ඤාවන්ට පිළිතුරු ලැබීම යනාදිය කෙතරම් ප‍්‍රීතිදායකද.

ඉවීමේ ක‍්‍රියාවලිය පැය ගණනක් ගත්තද මගේ පවුලේ අය විනාඩි 20කට අඩුකාලයකින් භෝජනයක් අවසන් කරයි. එහෙත් පාවුල් කථාකරන අස්වනු නෙළීම සදාකාලික වේ. අවස්ථාව ඇති විට යහපත කරමු. දෙවියන්වහන්සේ දෙන ආශිර්වාද දෙස බලා සිටිමු. දෙවියන්වහන්සේගේ මාර්ග අනුගමනය කරන විට සිත වැටීමට ඉඩ නොදෙන්න. ජීවිත කාලයටත් වඩා එහාට යන ප‍්‍රීතියක් ඔබට සහතික කර ඇති බව මතක තබා ගන්න.