සමාජ මාධ්‍ය බොහෝ දේවලට ප‍්‍රයෝජනවත්ය. එහෙත් සෑහීමට පත්වීම එම දේවල් අතර නැත. මට නම් කොහෙත්ම සෑහීමට පත්වීමක් නැත. මාගේ ඉලක්ක යහපත්ව තිබෙන විටද අන් අය මට වඩා ඉක්මණින් සහ වැඩි ප‍්‍රතිඵල ඇතිව එ්වා වෙත ළංවන බව මට නිතර මතක් කෙරේ. එ්වායින් මම අධෛර්යයට පත් වෙමි. එම අධෛර්යයට පත්වීමේ දුර්වලකම මට තිබේ. එහෙයින් දෙවියන්වහන්සේ මාගෙන් බලාපොරොත්තු වනදේ ඉෂ්ඨ කිරීමට අවශ්‍ය සියල්ල මාහට දී ඇතිබව මම නිතර මතක් කර ගන්නෙමි.

ඉන් අර්ථවත් වන්නේ මට සාර්ථකත්වය පිළිබඳ සහතිකයක් හෝ වැඩි අයවැයක් අනවශ්‍ය බවය. මට යහපත් රැකියා පරිසරයක් හෝ වෙනත් රැකියවක් අනවශ්‍යය. මට අන් අයගේ අනුමැතිය හෝ අවසරය අවශ්‍ය නැත. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් හෝ අමතර වේලාවක් අවශ්‍ය නැත. ඉන් සමහරක් දෙවියන්වහන්සේ මට දෙනු ඇත. එහෙත් මට අවශ්‍ය සියල්ල මා සතුය. ඊට හේතුව උන්වහන්සේ වැඩක් පවරන විට අවශ්‍ය මූලාශ‍්‍රද දෙන නිසාය. මාගේ එකම ව්‍යාපෘතිය නම් උන්වහන්සේ දී ඇති කුමන කාල සීමාවක් හෝ තලෙන්ත, හෝ අන් අයට ආශිර්වාදයක් ලෙස සහ දෙවියන්වහන්සේට ගෞරවය ලැබෙන පිණිස භාවිතා කිරීම වේ.

මෙම විෂයට අවතීර්ණවූ කාරණයක් ගැන යේසුස්වහන්සේ සහ පේතෘස් කථා කර තිබේ. ගලිල වෙරළෙහි උදය ආහාර ගත් පසු පේතෘස්ගේ ජීවිතය අවසානයේ සිදුවන දේවල් ගැන යේසුස්වහන්සේ පැවසූසේක. තවත් ගෝලයෙකු පෙන්වා පේතෘස් ඇසුවේ “මොහු ගැන කිමෙක්ද?” කියාය. යේසුස්වහන්සේ ප‍්‍රතිචාර දැක්වූයේ “නුඹට මොකද?” කියාය. අන් අයට මා සමාන කරන විට මා අසාගත යුතු ප‍්‍රශ්නය එයයි. එයට පිළිතුර ”මට අයිති නැහැ” යන්නය. මාගේ කාර්යය යේසුස්වහන්සේ අනුගමනය කිරීම සහ විශ්වාසවන්තව සිටීම වේ.