ෂෙරිල් බොහෝ පොත් කියවන්නියකි. අන් අය රූපවාහිනිය නරඹමින් හෝ වීඩියෝ ක‍්‍රීඩා කරමින් සිටින විට ඇය පොත් පිටුමත ගැඹුරින් නිමග්නව සිටින්නීය. මේ ජ්වලිතකමින් වැඩි ප‍්‍රතිශතයක් ඇයගේ කුඩා කාලයට දිව යයි. ඇයගේ පවුලේ අය, පොත් සාප්පු හිමියන්වූ මාමා සහ නැන්දා කෙනෙකු බැලීමට බොහෝ විට ගියෝය. එහිදී ෂෙරිල් ඇයගේ මාමා වන එඩ්ගේ ඔඩොක්කුවේ වාඩිවන්නීය. ඔහු පොත් කියවමින් එ්වායෙහි තිබූ රුචිය සහ මනහරත්වය ඇයට හඳුන්වා දුන්නේය. ඇය එය බෙහෙවින් රස වින්දාය.

සියවස් ගණනාවකට පෙර තිමෝති නැමති තරුණයාගේ පියවර, ඉගෙනීමේ දිශාවට ගෙන යන ලදී. පාවුල්ගේ අවසන් ලිපියේ තිමෝතිට බයිබලය මුලින් හඳුන්වා දෙන ලද්දේ ඔහුගේ මිත්තණිය සහ මව විසින් යැයි පාවුල් පවසයි (2 තිමෝති 1:5). පාවුල් තිමෝති දිරිමත් කරන්නේ කිතුනු මාර්ගයේ ඉදිරියට යාමටය. “ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගෙන සිටින බව දැන” (2 තිමෝති 3:14-15).

ඇදහිලිවන්තයින් ලෙස ආත්මික ජීවිතය උදෙසා ඉගෙනීමෙන් ලබන තෘප්තිය සහ වර්ධනයට ලැබෙන රුකුලද නොනැවතිය යුතුවේ. කියවීම සහ අධ්‍යයනය ඉන් විශාල කොටසක් විය හැකිය. එහෙත් දිරිමත් කිරීමට සහ ඉගැන්වීම පිණිස අන් අය අපට අවශ්‍යවේ.

ඔබගේ ඇදහිල්ල වර්ධනය පිණිස ඔබට ඉගැන්වූයේ කවුද? ඔබගේ උපකාරය ලැබිය යුත්තේ කවුද? දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ඇගයීම වැඩිකර උන්වහන්සේ සමඟ අප තබා ඇති සබඳතාව ශක්තිමත් කිරීමේ මාර්ගය එයවේ.