අපගේ නිවස ආසන්නයේ ඇති උද්‍යානයක සෙනඟට ඇවිදීමට මාර්ගයක් තිබේ. කොටසක රතු වැලි ගල්වලින් සෑදුණු අලංකාර දර්ශනයක් ඇත. එ්වා පසුපසින් අඩි 14,115ක් උස කඳුමුදුන් පෙනේ. බොහෝ විට ප‍්‍රශ්නවලින් සිත පුරවාගෙන මම එහි ගමන් කරන්නේ මෘදු, පළල් පාර දෙස බිමට යොමාගත් ඇස් සහිතවය. කව්රුත් අසල නැතිනම් මම නැවතී “ඩේවිඩ් ඉහළ බලන්න” කියා මටම කියාගන්නෙමි.

“ආරෝහණ ගීත” (ගීතාවලිය 120-134) යනුවෙන් හඳුන්වනු ලබන ගීතිකා ගායනා කරනු ලැබුවේ වසරකට තුන්වරක් පවත්වන ලද මංගල්‍යයන් වලට සහභාගිවන පිණිස යෙරුසලමට ගිය ඉශ‍්‍රායෙල්වරුන් විසිනි. 121 වන ගීතිකාව ඇරඹෙන්නේ “කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කෙතැනින්ද?” කියාය (2 පදය). මැවුම්කරුවාණෝ පැත්තකට වී නොසිටිනසේක. උන්වහන්සේ සැම විට අප සමඟ සිටින සහකරුවෙකි. උන්වහන්සේ අපගේ තත්ත්වයන් ගැන සැම විටම උනන්දුවෙන් සිටිනසේක (3-7 පද). උන්වහන්සේ අපට මඟපෙන්වා “දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ (අපේ) යාම ඊම ආරක්ෂා කරනසේක” (8 පදය).

අපගේ ජීවිත ගමන තුළ අපගේ ඇස් දෙවියන්වහන්සේ කෙරෙහි තබා තිබීම කොතරම් අවශ්‍යද. අපගේ උපකාරයේ මූලාශ‍්‍රය උන්වහන්සේය. අපට දරාගැනීමට නොහැකි යැයි, අධෛර්යයව සිටින විට “ඉහළ බලන්න” යැයි කීමේ කිසි වරදක් නැත.