එස්ටෙලා පයිෆොරොට් ගුරුවෘත්තියෙන් විශ‍්‍රාම ගිය පසු බසයක් මිළට ගත්තාය. එහි පරිගණකද මේස සහ පුටුද සැකසුවාය. ඇය දැන් “දීප්තිමත් බසය” ෆ්ලොරිඩාවේ පාම් බීච් කවුන්ටිය හරහා පදවාගෙන යන්නීය. අවදානමට මුහුණදී සිටින දරුවන්ට තම ගෙදර වැඩ කරගැනීමටද තාක්ෂණය, ඉගෙනීමටද ඇය ස්ථානයක් සපයා ඇත. යහපත් හෙටක් ගැන ඇති ඔවුන්ගේ සිහින විසිකර දැමීමට පරීක්ෂාවක් ඇති දරුවන්ට එස්ටෙලා ස්ථාවරත්වයක් සහ බලාපොරොත්තුව සපයන්නීය.

පළමු සියවසේදී පීඩාවේ සහ බලාපොරොත්තු කඩකර ගැනීමේ රැල්ලක් කිතුනු සමූහයට තර්ජනයක්ව පැමිණියේය. හෙබ්‍රෙව් කර්තෘවරයා තම පොත ලිවූයේ ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ගැන තබා තිබූ විශ්වාසය අත් නොහැරීමට දිරියක් ලෙසය (2:1). ඔවුන්ගේ බලාපොරොත්තුව එනම් ගැළවීම සහ ස්වර්ගයට අවතීර්ණ වන පිණිස දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල හමුවන්නේ ක‍්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ පූජාව තුළය. යේසුස් වහන්සේ තම නැවත නැගිටීමෙන් පසු ස්වර්ගයට අවතීර්ණවූ කල උන්වහන්සේ ඔවුන්ගේ බලාපොරොත්තුව ස්ථීර කළසේක (6:19-20). මුහුදට දමන ලද නැංගුරමක් නැව එහා මෙහා යෑම වලක්වාලන සේ යේසුස්වහන්සේගේ මරණය, නැවත නැගිටීම සහ ස්වර්ගාරෝහණය ඇදහිලිවන්තයාගේ ජීවිතයට සහතිකය සහ ස්ථීරකම ගෙන ආවේය. අනාගතය ගැන මෙම බලාපොරොත්තුව චංචල කළ නොහැක.

යේසුස්වහන්සේ අපගේ ආත්මවලට නැංගුරමකි. දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ බලාපොරොත්තුවෙන් අප එහා මෙහා නොයනු ඇත.