මිනිස් ශරීරයේ ඇති ශක්තිමත්ම මාංශ පේශිය කුමක්ද? දිව යැයි සමහරු කියති. වඩාත් ශක්තිමත් මාංශ පේශිය කුමක්දැයි තීරණය කිරීම අපහසුය. ඊට හේතුව මාංශ පේශීන් තනිව ක‍්‍රියාත්මක නොවන නිසාය.

එහෙත් දිව ශක්තිමත් බව අපි දනිමු. එය කුඩා දිවක් වුවද බොහෝ හානි සිදු කිරීමට ඊට හැකිය. ආහාර අනුභව කිරීමට, ආහාර ගිලීමට, රස බැලීමට සහ ජීර්ණය ආරම්භ කිරීමට අපට උපකාර වන මෙම අවයවයම අප නොකිව යුතු දේ කීමට අපට උදව් වීමටද නැඹුරුවේ. පාරට්ටු කිරීම, ශාප කිරීම, බොරු කීම, පුරසාරම් දෙඩීම, සහ අන් අයට හානි කිරීම යනාදියට දිව ඉවහල්වේ. එ් කෙටි ලැයිස්තුවක් පමණි.

එය භයානක මාංශපේශියක්සේ පෙනේ. ඔබ එසේ නොසිතන්නේද? එහෙත් යහපත් දෙය මෙයයි. එය එසේ වියයුතු නැත. අප ශුද්ධාත්මයාණන්ගෙන් පාලනය වන විට අපගේ දිව් ශ්‍රේෂ්ඨ යහපත් දේවල් ලෙස වෙනස් කළහැකිවේ. අපට දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම (ගීතාවලිය 35:28) සහ සාධාරණත්වය (37:30) ගැන කථා කිරීමට හැකිය. අපට සත්‍යය කථා කිරීමට (15:2), පේ‍්‍රමය පෙන්වීමට (1 යොහන් 3:18) සහ පාපය කියා දීමටද (1 යොහන් 1:9) හැකිය.

හිතෝපදේශ 12:18හි කර්තෘ දිවෙහි ඇති විශේෂ ප‍්‍රයෝජන ගැන කියයි. “ප‍්‍රඥාවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” අප කථා කරන කිසිවෙකුට හානි නොකර ඔවුන්ට සුවය ගෙනෙන පිණිස දිව භාවිතා කිරීමට අප දිව මැවූ තැනන්වහන්සේ අපට උපකාර කරන විට කෙතරම් උන්වහන්සේව ගෞරවයට පැමිණවීමට අපට හැකියාවක් තිබේද!