2වන ලෝක සංග‍්‍රාමය සමයේ බි‍්‍රතාන්‍ය සෙනඟගේ ආත්ම උත්තේජනය කරන්නේ කෙසේද කියා අගමැති වින්ස්ටන් චර්චිල් දැන සිටියේය. 1940 ජූනි 18 වන දින ඔහු බියවී සිටි ජනතාවට කීවේ “අප දෙකඩ කළේ නැතිනම් යුද්ධය පරදින බව හිට්ලර් දන්නවා. එ් නිසා අපි එකට බැඳී ඉමු. එසේ සිට අපි ගැලවෙමු. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය අවුරුදු දාහක් තිබුණොත් මිනිස්සු කවදාහෝ කියයි මේ ඔවුන්ගේ හොඳම පැය කියා.”

අපගේ “හොඳම පැය” නිසා සෙනඟට අප මතක් විය යුතුය. සමහර විට පේතෘස් අපොස්තුළුවරයාගේ හොඳම පැය වන්නට ඇත්තේ “ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ” යයි කී වේලාව විය හැකිය (යොහන් 6:69). කෙසේ වෙතත් සමහර විට අපි අපගේ පරාජයන්ට අපව හැසිරවීමට ඉඩ දෙන්නෙමු. පේතෘස් නැවත නැවත යේසුස්වහන්සේ දන්නේ නැතැයි කී පසු ඔහු පිටතට ගොස් හැඬුවේය (මතෙව් 26:75· යොහන් 18).

පේතෘස් මෙන්ම අපගේ සම්බන්ධතාවන්හිදී පාපය සමඟ අප කරන අරගලයේදී සහ දෙවියන්වහන්සේට අප දක්වන විශ්වාසවන්තකමේදී අපි ප‍්‍රමිතියෙන් පහළට වැටෙමු. එහෙත් චර්චිල් කී ලෙස “පරාජය මාරාන්තික නැත.” අපගේ ආත්මික ජීවිතයේදී එය සත්‍යයක් වීම ස්තූතිවන්ත වියයුතු කාරණයකි. වරදට පසුතැවිලිවූ පේතෘස්ට යේසුස්වහන්සේ සමාව දී (යොහන් 21) බොහෝ අය ගැළවුම්කරුවාණන් වෙතට ගෙන එ්ම පිණිස දේශනා කිරීමට ඔහු භාවිත කළසේක.

පරාජය මාරාන්තික නැත. උන්වහන්සේ වෙත නැවත හැරී එන අය දෙවියන්වහන්සේ පේ‍්‍රමයෙන් ගොඩනගනසේක.