වැඩිම අලෙවියක් සහිත පොත් කර්තෘවරයෙකුවූ චයිම් පෝටොක් “තෝරාගත්තවුන්” නැමති තම පොත ආරම්භ කළේ නිව්යොර්ක් නගරයේ යුදෙව් කණ්ඩායම් දෙකක් අතර තිබූ බේස්බෝල් තරඟයක් විස්තර කරමිනි. පොතෙහි ප‍්‍රධාන චරිත වන රෝවන් මෝල්ටර් විරුද්ධ කණ්ඩායමේ නිල ඇඳුම්වල අමුතු කොටසක් ඇතිබව දකියි. එනම් සෑම ක‍්‍රීඩකයෙකුගේම කමිසවල ලණු කෑලි වැනි දාවලු පහතට වැටෙමින් තිබුණ බවය. එම දාවලු පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවට දැක්වූ කීකරුකමේ සංඛේත බව ඔහු තේරුම් ගත්තේය.

“සිට්සිට්” නැමති මෙම දාවලු වල ඉතිහාසය ආරම්භ වන්නේ දෙවියන්වහන්සේගේ පණිවුඩයකිනි. මෝසෙස් තුළින් සෙනඟට දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කළේ, නිල් නූල් වලින් සාදන ලද දාවලු කමිස වලට තබා මසන ලෙසය (ගණන් 15:38). “නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට එ්වා (කරන්න)” යැයි උන්වහන්සේ කීසේක (39 පදය).

පැරණි ඉශ‍්‍රායෙල්වරුන්ට දෙවියන්වහන්සේ දුන් මතක තබා ගැනීමේ උපකරණයට සමාන දෙයක් දැන්ද තිබේ. තම ස්වර්ගීය පියාණන්හට කීකරුවී අප වෙනුවෙන් සම්පූර්ණ ව්‍යාවස්ථාව අඛණ්ඩව පිළිපැද්දාවූ ක‍්‍රිස්තුස්වහන්සේ දෙස අපට බැලිය හැකිය (යොහන් 8:29). අප වෙනුවෙන් කළාවූ උන්වහන්සේගේ සේවය පිළිගෙන දැන් “තෘෂ්ණා පූර්ණ කරන පිණිස මාංසයට ඉඩ නොදී ස්වාමිවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ පැළඳගනිමු” (රෝම 13:14). දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන් වෙත අපේ ඇස් යොමුකර සිටීම අපගේ ස්වර්ගීය පියාණන්හට ගෞරවය දීමට අපට උපකාර වේ.