සජීවී නත්තල් සංදර්ශනයක් සඳහා ලෝරා එළුවෙකු සහ බැටළුවෙකු ඉල්ලාගෙන තම සභාවට ගෙන යාමට වාහනයට පැටවුවාය. සතුන් දෙදෙනා ටික වේලාවක් එකිනෙකාට ඇණගෙන ඉන්පසු නිශ්චල වූවෝය. ලෝරා සභාවට යාමට පිටත්වූවාය. එහෙත් පළමුවෙන් වාහනයට ඉන්ධන පිරවීමට ඇය රථය නතර කළාය.

ඉන්ධන පුරවන අතර ඇය දුටුවේ එළුවා පිටත සිටින බවය. බැටළුවා නැතිවී තිබිණ. උන් එකිනෙකා සමඟ ඇණ ගන්නවා බලා සිටි නිසා ඇයට එක් අගුලක් දැමීමට අමතක වී තිබිණි. ඇය පොලිස් නිලධාරිනියකටද තම මිතුරන්ටද එ් බව දැන්වූවාය. ඔව්හු ව්‍යාපාරික කොටසකද බඩ ඉරිඟු යායකද කුඩා වනයකද බැටළුවා සෙව්වෝය. එවිට රෑ බෝවීමට ළංවී තිබිණ. ඉල්ලාගත් සතා ඇයට හමුවන පිණිස බොහෝ අය යාච්ඤා කළෝය.

පසු දින උදෑසන ලෝරා “නැතිවූ බැටළුවා” සොයාගැනීමට ව්‍යාපාරික ස්ථාන වල පෝස්ටර් ඇලවීමට ගියාය. එ් තම මිතුරෙකු සමඟය. ඔව්හු පළමුවෙන් ගියේ ඉන්ධන පිරවුම් හළටය. ඔවුන් කළමනාකරු සමඟ පෝස්ටර් ගැන කතා කරනවා අසා සිටි පාරිභෝගිකයෙකු “මම ඔබගේ බැටළුවා ඉන්නා ස්ථානය දන්නවා” යනුවෙන් කීවේය. තම අසල්වැසියාගේ ගොවිපළට බැටළුවා ගිය නිසා ඔහු ඌ රාත‍්‍රිය සඳහා තම ගාලට ඇතුල් කර තිබිණි.

ස්වාමීන්වහන්සේ නැතිවූ බැටළුවන් ගැන සලකනසේක. ඊට ඔබත් මාත් ඇතුලත්වේ. ස්වර්ගයේ සිට පොළොවට යේසුස්වහන්සේ ආවේ තම පේ‍්‍රමය පෙන්වා ගැළවීම ලබා දීම සඳහාය (යොහන් 3:16). අප සොයා ගැළවීම පිණිස උන්වහන්සේ බොහෝ දුර යනසේක (ලූක් 19:10).

බැටළුවා හමුවූ විට ලෝරා “හාස්කම” ලෙස ඇය නම් කළාය. දෙවියන්වහන්සේ අපට දෙන ගැළවීම උන්වහන්සේගේ අනුග‍්‍රහයේ හාස්කමක්වේ.