පේ‍්‍රමවන්ත පියෙකු දඟකාර පෙරපාසැල් දරුවන් දෙදෙනා ගුවන් තොටුපොළ වලින්ද ගුවන්යානා වලින්ද ඇදගෙන යාමෙන් මව්පියන් වෙහෙසවී ඇති බව පැහැදිලිව පෙණිනි. දැන් ඔවුන්ගේ අවසන් ගුවන් යානය ප‍්‍රමාද වී තිබිණි. ගුවන් යානයට නැගීමට සෙනඟ වාඩිවී සිටින කොටසේ දරුවෝ එහේ මෙහේ දුවමින් සිටියෝය. මවත් පියාත් ග‍්‍රෑන්ඩ් රැපිඩ්ස් දක්වා වූ අවසන් ගමනේදී දරුවන් නිශ්චලව තබා ගන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. සෑහෙන වේලාවකට පසු අපි ගුවන් යානයට ගොඩවුනෙමු. පියාත් එක් දරුවෙකුත් මාගේ පසුපස ආසනයේ වාඩිවී ඉන්නවා මම දුටුවෙමි. වෙහෙසව සිටි පියා මෙසේ කියනවාද මට ඇසුනි: “මම ඔබට කතන්දරයක් කියවන්නම්.” ගුවන් යානය ගොඩබස්වන තුරුම මෙම පේ‍්‍රමවන්ත පියා ඉවසීමෙන් තම පුත‍්‍රයාට පොත කියා දුන්නේය. ඔහුද එය නිශ්චලව අවධානයෙන් යුතුව අසා සිටියේය.

එක් ගීතිකාවක දාවිත් පවසන්නේ “පියෙකු තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක” කියාය (ගීතාවලිය 103:13). “අනුකම්පාව” යන වචනයෙන් අර්ථවත් වන්නේ ප්‍රේමය සහ සානුකම්පාව පෙන්වීම වේ. මෙම මෘදු වදනින් පෙන්නුම් වන්නේ අපගේ ස්වර්ගීය පියාණන් තම දරුවන්ට කෙතරම් ගැඹුරු ප්‍රේමයක් දක්වනවාද යන්නයි. එසේම දෙවියන්වහන්සේ දෙස බලා “අබ්බා පියාණෙනි” කියා කීමට අපට ඇති හැකියාව කෙතරම් ශ්‍රේෂ්ඨද (රෝම 8:15).

ජීවිතය හරහා යන ගමනේදී ඔබ කලබලවී සිටින විට උන්වහන්සේගේ පේ‍්‍රමයේ කථාවට නැවත ඇහුම්කන් දීම උන්වහන්සේ ඔබගෙන් ආශාවෙන් අපේක්ෂා කරනසේක. ඔබගේ ස්වර්ගීය පියාණෝ සැම විට ළංව සිටින සේක. උන්වහන්සේගේ වදනින් ඔබ දිරිමත් කිරීමට සූදානම්ව සිටින සේක