මගේ පුත් ලියාම් ඔහුගේ මවට කහපාට මල් ගෙන දීමට ඉතා ආශාකරයි. අද වන තෙක් එ්වා පිළිගැනීම ඇයට එපාවී නැත. එක් මනුෂ්‍යයෙකු වල්පැලයක් ලෙස සලකන දෙයක් කුඩා දරුවාට මලකි.

දිනක් මම ලියාම් සමඟ සාප්පු ගියෙමි. අපි මල් තිබුණු කොටසක් පසුකර යන විට ඔහු කහපාට ටියුලිප් මල් වගයක් දැක අත දිගුකොට කීවේ “තාත්තේ! එ් මල් අම්මට අරන් යමු” කියාය. ඔහුගේ ඉල්ලීම ගැන මම සිනහසුනෙමි. මවගේ ෆේස්බුක් පිටුවෙහි එය අලංකාර සටහනක් විය. (මම එ් ටියුලිප් මිලදී ගතිමි).

සමහරු වල්පැලෑටි වල ආදම්ගේ පාපයේ මතක් කිරීමක් දකිති. තහනම් ගෙඩිය කෑමෙන් ආදම් සහ එ්ව ඔවුන් මතට, වැටුණාවූ ලොවක ශාපය ලබා ගත්තෝය. එනම් නොනවතින වැඩ, දරු උපතේදී වේදනාව සහ අවසානයේ මරණයයි (උත්පත්ති 3:16-19).

එහෙත් ලියාම්ගේ යෞවන ඇස් මට වෙන දෙයක් මතක් කරයි. වල් පැලෑටිවලත් අලංකාරයක් තිබේ. දරු උපතේදී ඇති වන වේදනාව අප සියල්ලන්හට බලාපොරොත්තුවක් ගෙන දෙයි. මරණය පරාජය වන්නේය. උත්පත්ති 3:15හි දෙවියන්වහන්සේ කථා කළ “බීජය” සර්පයාගෙන් පැවතෙන්නන් සමඟ සටන් කරනු ඇත. එම බීජය යේසුස්වහන්සේමය. අප ශාපයෙන් මිදුවේ උන්වහන්සේය (ගලාති 3:16).

ලෝකය කැඩී බිඳී තිබෙනවා විය හැකිය. එහෙත් සෑම කොණකම විස්මය අප වෙනුවෙන් තබා ඇත. වල් පැලෑටි පවා මිදීමේ සහ අපට පේ‍්‍රමකරන මැවුම්කරුවාණන් කෙනෙකු පිළිබඳ පොරොන්දුව අපට මතක් කර දෙයි.