ඔරු පැදීම ඉගෙන ගන්නා කාලයේ අපේ පාඩම් සිදුවූ කුඩා බෝට්ටු වලට නැගීම පිණිස ජලයේ පාවුණ සෙලවෙන ලී පාලමක මට බොහෝ දුරක් යාමට සිදු විය. මම එයට අකමැති වීමි. සමබර වීමේ හැකියාවක් මට නොතිබිණ. ඔරුවට නගිද්දී පාලමත් බෝටුවත් අතර ඇති ජලයට වැටේ කියා මට බියක් ඇති විය. බෝට්ටුවට ගොඩවීමට උත්සාහ කිරීම අත්හැර දැමීමට මට සිතිණ. “මා දිහා බලන්න” කියා උපදේශක මට කීවේය. වැටෙන්න ගියොත් මම අල්ලා ගන්නම් ඔහු කීවේය. ඔහු කී දෙය මම කළෙමි. එ් නිසා දැන් මා සතුව ඔරු පැදීම පිළිබිඳ මූලික නිපුණතා සහතිකයක් තිබේ.

අවදානම් ගැනීම ඔබ සම්පූර්ණයෙන් මඟහරිනවාද? අපගෙන් බොහෝ දෙනෙක් අප වැටේ, තුවාලවේ හෝ මෝඩයන් ලෙස පෙනේ යැයි සිතා අපගේ “පහසු කලාපයෙන්” පිටට යාමට බිය වෙමු. එම බියට අප බන්ධනය කිරීමට ඉඩ දුනහොත් අප කිසිම දෙයක් නොකරන බිය ගුල්ලන් වන්නෙමු.

පේතෘස් ජලයේ ඇවිදීමට ගත් අවදානම සහ ඔහුට වැරදීමට හේතුව දේශයකයන්ට ජනප‍්‍රිය මාතෘකාවකි (මතෙව් 14:22-33). එහෙත් අන් ගෝලයන් ක‍්‍රියා කළ ආකාරය ගැන ඔවුන් කිසිවෙකු කථා කරනවා මම අසා නැත්තෙමි. මාගේ අදහසට අනුව පේතෘස් සාර්ථකය. ඔහුට බිය දැනුනි. කෙසේ වෙතත් ඔහු යේසුස්වහන්සේගේ කැඳවීමට කීකරුවිය. සමහර විට කිසි උත්සාහයක් නොගත් අය ඇත්තෙන්ම පරාජය වූවන් විය හැක.

යේසුස්වහන්සේ සෑම දෙයක් ම අප වෙනුවෙන් පරදුවට තැබූ සේක. අප උන්වහන්සේ වෙනුවෙන් ගන්නේ කුමන අවදානමක්ද?