විශ්වයේ සිදුවන බොහෝ දේ අපි නොදකිමු. බොහෝ දේවල් කුඩා වැඩි නිසාද නැතිනම් අධික වේගයෙන් ගමන් කරන නිසාද එසේ නැතිනම් බොහෝ සෙමින් යන නිසාද අපට එ්වා නොපෙනේ. නූතන තාක්ෂණය යොදා ගනිමින් චිත‍්‍රපට සාදන ලුවිස් ෂ්බට්ස් බර්ග්හට විස්මයජනක සමහර කාරණා අපට පෙන්වීමට හැකියාව ඇත. දළඹුවෙකුගේ මුඛය, කෝඳුරුවාගේ ඇස, හතු පැලවී වැඩීම යනාදිය ඒ අතර වේ.

භෞතික ලෝකයේ සූක්ෂම සහ විස්මිත විස්තර බලා ගැනීමට අපට ඇති සීමිත හැකියාව අපට මතක් කර දෙන්නේ ආත්මික ලෝකයේ දේවල් දැක තේරුම් ගැනීමට අපට ඇති හැකියාවද සීමිත බවය. අපට සිතා ගැනීමටත් බැරි තරම් මනහර දේවල් දෙවියන්වහන්සේ අප අවට ක‍්‍රියාත්මක කරනසේක. අපගේ ආත්මික දැක්ම සීමිත නිසා එ්වා අපට නොපෙනේ. එහෙත් අනාගත වක්තෘ එලිෂාහට දෙවියන්වහන්සේ කළ අධිස්වභාවික දේ දැකීමට අවස්ථාව එළඹින. දෙවියන්වහන්සේ, බියට පත්ව සිටි ඔහුගේ සහායකයාගේ ඇස්ද ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට පැමිණ සිටි ස්වර්ගීය සේනාව දැකීමට විවෘතකළසේක (2 රාජාවලිය 6:17).

අප දුර්වලය, අසරණය යන හැඟීම් අපට බිය ගෙනදෙයි. එසේම අප ලෝකයේ තනිව ඇතැයි යන සිතිවිල්ලද අපට ගලා එයි. අප තුළ සිටින උන්වහන්සේගේ ආත්මය ඕනෑම ලොෟකික බලවේගයකට වඩා ශ්‍රේෂ්ඨ බව දෙවියන්වහන්සේ අපට සහතික කර ඇත (1 යොහන් 4:4). අපට පෙනෙන නපුරෙන් අප අධෛර්යමත් වන කුමන වේලාවක වුවද දෙවියන්වහන්සේ කරන්නාවූ අපට නොපෙනෙන යහපත් කාරණා ගැන අප සිතිය යුතුවේ.