වයස 5ක් වන මාගේ මුණුබුරා ඩලස් ”ක‍්‍රිස්තුස්වහන්සේ කුරුසියේ මැරුණේ ඇයි?” කියා ඇසුවේ ය. එහෙයින් අපි ටිකක් කථා කළෙමු. පාපය ගැනත් අපගේ පූජාව වන පිණිස උන්වහන්සේගේ කැමැත්ත ගැනත් කථා කළෙමු. ඉන්පසු ඔහු සෙල්ලම් කිරීමට ගියේය.

ටික වේලාවකට පසු ඔහුගේ ඥාති සහෝදරිය වන කේටිට ඔහු කථා කරනවා මට ඇසුනි. යේසුස්වහන්සේගේ මරණයට හේතුව ඔහු විස්තර කළේය. ”යේසුස්වහන්සේ මැරිලා නැහැ” කේටි ඔහුට කීවාය ”නැහැ! උන්වහන්සේ මැරිලා, සීයා මට කීවා” ඔහු කීවේය.

කථාව මා අවසන් නොකළ බව මට වැටහණි◊. එහෙයින් අපි නැවත කතා කළෙමු. යේසුස්වහන්සේ මරණින් නැගිටි බව මම ඩලස්ට විස්තර කළෙමි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් මැරුණද අද ජීවමානව සිටින බව ඔහුට තේරුම් යන තුරු අපි කථා කළෙමු.

එය, මුළු ශුභාරංචියම සෙනඟ ඇසිය යුතු බව මතකයට ගෙන ආවේය. ඉතියෝපියාවේ මිනිසෙකු කියවමින් සිටි බයිබල් කොටසක් නොතේරුණ
නිසා ඔහු එ් ගැන පිලිප්ගෙන් ඇසීය. ”පිලිප් මුඛය හැර එ් ලියවිල්ලෙන් පටන්ගෙන යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කළේය” (ක‍්‍රියා 8:35*.

යේසුස්වහන්සේ ගැන ශුභාරංචිය අනිත් අයට කියන්න. අපි සැවොම ගැළවීම අවශ්‍ය පව්කරුවෝ වෙමු. දෙවියන්වහන්සේගේ පරිපූර්ණ පුත‍්‍රයාණෝ අප වෙනුවෙන් මැරුණුසේක. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිසේක. එසේ උන්වහන්සේ මරණය කෙරෙහි තම බලය පෙන්නුම් කළසේක. යේසුස්වහන්සේ අපගේ ගැළවුම්කාරුවාණෝය. උන්වහන්සේ ජීවමානය. තමන්වහන්සේගේ ජීවිතය අප තුළින් ජීවත් වීමට උන්වහන්සේ සතුටුවනසේක.

යමෙකුට යේසුස්වහන්සේ ගැන දැනගැනීමට අවශ්‍යවූ විට මුළු කථාවම කීමට අධිෂ්ඨාන කර ගනිමු.