ගීතාවලිය 134හි ඇත්තේ පද තුනක් පමණි. එහෙත් කුඩා දේවල් බොහෝ අර්ථවත් බවට එය සාක්ෂිියකි. රාත‍්‍රියක් පාසා රාත‍්‍රියක් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සේවය කරන පූජකයන්හට පළමු පද දෙකෙන් දිරිමත් කිරිමක් ලබා දෙයි. ගොඩනැගිල්ල අඳුරුය, හිස්ය. කිසිවැදගත් දෙයක් එහි සිදු නොවේ. ඔවුන්ට පෙනෙන්නේ එලෙසය. එහෙත් මෙම පූජකයන්ට දිරිය ලැබුණේ “ශුද්ධ ස්ථානය දෙසට ඇස් ඔසවා ස්වාමින්ට ප‍්‍රශංසා” කිරීමටය (2 පදය). තුන්වන පදය රැස්ව සිටින්නන් රාත‍්‍රියේ අඳුර සහ පාළුවට හඬගැසීමක් වේ. “අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ… නුඹට ආශිර්වාදකරන සේක්වා.”

අද ස්වාමීන්වහන්සේට සේවය කරන අනිකුත් සේවකයන් ගැන මම කල්පනා කරමි. එනම් කුඩා ස්ථාන වල කුඩා සභාවල සේවය කරන සභා පාලකවරුන් සහ ඔවුන්ගේ පවුල් වේ. ඔව්හු බොහෝ විට අධෛර්යටපත් වෙති. සිත වැටීමට බොහෝ පරීක්ෂා ඔවුන්ට පැමිණේ. ඔව්හු තම උපරිමය ඉෂ්ඨ කරති. කව්රුත් ඔවුන් ගණන් නොගනිති. ඔවුනට නිසි ප‍්‍රතිඵලය නොලැබේ. තමන් කරන දේවල් කිසිවෙකු හෝ සලකනවාද, ඔවුන් ගැන සිතනවාද, යාච්ඤා කරනවාද, ඔවුන්ගේ ජීවිතයේ කොටසක් යැයි සිනවාද කියා ඔව්හු කල්පනා කරති.

මම ඔවුන්ට එසේම තමන් තනිවී ඇතැයි හෝ වැදගත් නැතැයි සිතන්නන්ටද කියන්නේ: ඔබගේ ස්ථානය කුඩා වුවද එය ශුද්ධ ස්ථානයකි. අහසත් පොළොවත් මවා එ්වා ක‍්‍රියාත්මක කරන තැනන්වහන්සේ ඔබ තුළින්ද ඔබ තුළද ක‍්‍රියාත්මක වනසේක. “ඔබගේ ඇස් ඔසවා උන්වහන්සේට ප‍්‍රශංසා කරන්න.”