බොහෝ කලකට පෙර ජීවිතාරක්ෂක පාඩමකදී ගැළවීමට අසීරු ගිලෙන්නට යන පුද්ගලයෙකු ගළවාගන්නා ආකාරය අපට කියාදෙන ලදී. “එම පුද්ගලයාගේ පසුපසින් යන්න. පුද්ගලයාගේ පපුව සහ කිහිලි හරහා එක් අතක් දමාගෙන ආරක්ෂිත ස්ථානයට පිහිනන්න. ඔබ ඔහු ඉදිරියෙන් ගියොත් ගිලෙන පුද්ගලයා ඔබව බදා ගනු ඇත. ඔබ දෙදෙනාම ජලය යටට යනු ඇත” යනුවෙන් උපදේශක අපට උපදෙස් දුන්නේය. ඊට හේතුව තීරණ ගැනීමේ සහ ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කිරීමේ හැකියාව ඇතිවන බිය නිසා අඩපණ වන හෙයිනි.

සොදොම් සහ ගොමෝරාව යන නගර විනාශයට නියම කර තිබූ හෙයින් දෙවියන්වහන්සේ විසින් දේව දූතයන් දෙදෙනෙක් ලොත් සහ ඔහුගේ පවුලේ අය ගැළවීම සඳහා එවන ලදී (උත්පත්ති 19:12- 13). එවිට ඔව්හු ගැළවීමට විරෝධය පෑවෝය. ලොත්ගේ බෑණාවරු සිතුවේ අනතුරු ඇඟවීම විහිළුවක් කියාය (14 පදය). ලොත්ට ඉක්මණින් ඉවත්වන්න කියා දේවදූතයන් කීවිට ඔහු ප‍්‍රමාද විය (15 පදය). එ් අවස්ථාවේදී දේවදූතයෝ දෙදෙනා “ස්වාමීන්වහන්සේ ඔහු කෙරෙහි ඇති දයාව නිසා ඒ මනුෂ්‍යයෝ ඔහුගේ අතද ඔහුගේ භාර්යාවගේ අතද ඔවුන්ගේ දූවරුන්ගේ අත්ද අල්වාගෙන” ඔවුන් නගරයෙන් පිටතට ආරක්ෂිතව ගෙනාවෝය (16 පදය).

අප ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තබා ඇති ඇදහිල්ලේ ගමන ගැන නැවත සිතා බලන විට අපගේ විරෝධය සහ ප‍්‍රමාදය යටපත් කරන දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම අපි දකිමු. ආත්මික බලාපොරොත්තු කඩවීම් සහ බියෙන් දඟලන සෙනඟ සහ උන්වහන්සේගෙන් ගැළවීම ලැබීමට අකමැති ඕනෑම කෙනෙක් දැකීමට අවශ්‍ය දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව අපට ලැබේවා.